Sunday, November 9, 2014

ආදර සැමරුම්

ආදරය ප්‍රකාශ කිරීම, එය තුළ ජීවත් වීම එකිනෙකාට වෙනස් විය හැක. ලෝකයේ විවිද කලාපයන්හි විවිද රටවල් අනුව, පුද්ගලයින්ගේ සමාජභාවයට අනුව විවිද වූ සංස්කෘතික පරිසරයන්ට අනුව එකී භාවිතාවන් ඒ ඒ හැඩයන් ගනී. ඒ කෙසේ වෙතත් ආදරය නම් සංකල්පය තුළ නිශ්චිත පොදු හැඩයක් සෙවීමට අපි සැමවිටම වෙහෙසෙමු. මෙහි දැක්වෙන්නේ විවිද කාලපරාසයන් තුළ, එකිනෙකට වෙනස් වූ සංස්කෘතික පරිසරයන් තුළ මිනිසුන් සිය ආදරය එකිනෙකා හා බෙදා ගත් ආකාරය සහ එවන් මතක සැමරුම් සැමදාටම ඉතිරි කළ ආකාරයයි.

යුද්ධය සැම විටම එකිනෙකා වෙන් කරයි. මෙහි දැක්වෙන්නේ දෙවන ලෝක යුධ සමයේ සෙබළුන් යුධ පෙරමුණ බලා නික්මීමට පෙර සිය පෙම්වතියන් සහ බිරින්දෑවරුන්ට සමු දෙන ආකාරයයි. නැවත යම් මතු දිනෙක දකින්නට ලැබේද? නොලැබේද? යන අවිනිශ්චිත බලාපොරෝත්තුව ඔවුන්ගේ හදවත් තුළ නිම්නාද දෙන්නට ඇත.





බටහිර සමාජය තුළ පෙම්වතෙකු විසින් සිය පෙම්වතිය හට විවාහ යෝජනාවක් කිරීමේදී බොහෝ විට ඇයව පුදුමයට (surprise) පත් කිරීමට හැකි යමක් කිරීම සිදු කරයි. එහිදී සිදු කරන්නේ කුමක් වූවත් අනෙකා වෙනුවෙන් සිදු කරනා කැපකිරීම අනාගතයේ ඔවුන් ගත කරන ජීවිතය සුබදායක කරනු ඇත. මේ එවන් අවස්ථා කිහිපයකි.
                   





ලොවක් පාලනය කළ රැජිනක් තුළ පවා ආදරය පිලිබඳ වූ බලාපොරොත්තු සහ අභිලාෂයන් අනන්ත තිබෙන්නට ඇත. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින තරුණ අවදියේ සහ වියපත් අවදියේ සිය ආදරණිය සැමියා සමග සිටින සේයාරූ දෙකක සමාන වූ භාව ප්‍රකාශනයක් මෙහි දැක්වේ.




                            මෙම වියපත් යුවල විවාහ වී දැනට වසර 80කි.  ඔවුන්     විවාහවූයේ උත්සවශ්‍රීයෙන් විවාහය සමරා නොවේ. නමුත් කාලයක් පුරා මෙම වියපත් බිරිඳට මංගල ඇඳුමක් ඇඳීමේ සහ ජායාරූපයක් ගැනීමේ දැඩි ආශාවක් තිබී ඇත. ඒ අනුව මෙම වියපත් සැමියා වසර 80කට පසුව ඇය වෙනුවෙන් මංගල ඇඳුමක් මිලදී ගත්තේය. එයින් සැරසී ඔහු ඉදිරියට ඇය පැමිණි මොහොතේ ඔහු පැවසුවේ "ඔබ තවමත් එදා වගේම ලස්සනයි" යනුවෙනි. ඒ අවස්ථාව නියෝජනය කළ කැමරාකරුගේ කැමරාවේ ඔවුන්ගේ සතුටින් පිරුණු වියපත් නොවූ සෙනෙහස මෙසේ සටහන් විය.


චීනයේ ජීවත් වූ "ක්සූ සහ ලූ" යුවළ වසර 50ක් ජීවත්ව ඇත්තේ ඈත පෙදෙසක වූ අඩි 6000ක් පමණ උස් වූ කඳුකරයකයි. "ක්සු" නම් බිරිඳ එතෙක් කල් එම කන්දෙන් එපිට ලෝකය දැකබලා ගැනීමට ගොස් තිබුනේ නැත. එබැවින් සැමියා වූ "ලූ" හට අවශ්‍ය වූයේ ඇයට බාහිර ලෝකය දැක ගැනීමට හැකි වන සේ මින් එපිටට ඇයව රැගෙන යාමටයි. වියපත් වියේ වූ ඇය මියයාමට ප්‍රථම එම කන්දෙන් එහා ලෝකයට රැගෙන යෑමට ඔහු ඇය සමග පල්ලම් බසින ලදී. වසර 50ක් දෑත් බැඳගෙන පැමිණි මග සිහි කරමින් ඔවුන් අඩි 6000ක් මෙසේ බැස යන්නේ එතෙක් පැමිණි දුර හිමාලයටත් වඩා උස බව සිහි කරමින් විය හැක.



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators