Tuesday, November 18, 2014

හිට්ලර්ගේ වර්ණ සේයාරුව


ජර්මානු ඒකාධිපති පාලක හිට්ලර් පිළිබඳව මීට පෙරද අප ඔබ වෙනුවෙන් විශේෂාංගයක් පළ කරන ලදී. මෙහි පළවන්නේ ඔහු සිටිනා වර්ණ සේයාරුවකි. 1940 තරම් ඈත කාලයක වර්ණ සේයාපට ඉතා සීමිත විය. එම කාල වකවානුව නිරූපණය වන ජායාරූප බොහොමයක් කළු සුදු වර්ණ ජායාරූප විය. මෙහි දැක්වෙන්නේ හිට්ලර්ගේ පෞද්ගලික ජායාරූප ශිල්පියා වූ "Hugo Jaeger" විසින් දෙවන ලෝක යුද්ධයේ මුල් වකවානුවේ ලබා ගත් ජායාරූපයකි. Hugo Jaeger නම් ජායාරූප ශිල්පියා හිට්ලර්ගේ ජනතා ආකර්ශනය ලෝකයට පෙන්වීමට ඇප කැප වූ අයෙකු ලෙස වාර්තා වේ. සෑම විටම සිය නායකයාගේ පෞර්ෂත්වය ඉහළ නංවන ආකාරයේ සහ ඔහු කොතරම් ජනතා ආදරයට පාත්‍ර වන්නේද යන්න මතු කිරීම වෙනුවෙන් ඔහු කටයුතු කළේය. හිට්ලර් පෞද්ගලිකව Hugo Jaeger පිළිබඳව සොයා බැලූ අතර ඔහුට අවැසි සියලු දේ ලබා දුන්නේය. බොහෝමයක් රාජ්‍ය නායකයන්ගේ පුද්ගල පෞර්ෂයන් බොහෝමයක් මේ ආකාරයට නිර්මාණය කරන ලද ඒවා බව පැහැදිලිය. පුද්ගල පෞර්ෂයන් නිර්මාණය කිරීමත් බිඳ හෙළීමත් වර්තමාන මාධ්‍ය ක්‍රියාවලිය තුළ සුලබ කාරණා බවට පත් වී ඇත.

"Hugo Jaeger" යනු කලාත්මක ජායාරූප ශිල්පියෙකු වන අතර එවක බොහොමයක් වර්ණ සේයාරූ ඔහු විසින් හසු කරගත් ඒවා විය. පහත දැක්වෙන ජායාරූප ඔහු විසින් කැමරාගත කරගන්නා ලද ජායාරූපයි.





No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators