Tuesday, November 4, 2014

සේයාරුවක කියැවීම - ලෝකයට සවන් දීම


    මේ සේයාරුව දුටු සැනින් ඔබට හැඟෙන්නේ කුමක්ද? මේ කුඩා දරුවාගේ දෙනෙත් වල වන්නේ භීතියක්ද? නැතහොත් විශ්මයක්ද? ඔහුගේ විවර වූ දෙනෙත් සහ විවර වූ මුවෙන් කිසිවක් පැවසිය නොහැකි විශ්මයකට ඔහු පත්ව ඇති බව පැහැදිලිය. කිසි දිනෙක මෙලොව එළිය නොදුටු අන්ධ පුද්ගලයෙකු හට පෙනීම ලැබුනහොත් ඔහු එය කෙසේ විඳගනීද? කිසි දිනෙක නොදුටු ලොවක් දකින කල එය කවරාකාරයෙන් දෘශ්‍යමාන වේද? කිසි දිනෙක කිසිදු හඬක්, ශබ්දයක් නොඇසූ මිනිසෙකුගේ දෙසවනකට සවන් ලදහොත් එය කෙසේ නම් ග්‍රහණය කොට ගනීද? එය කවරාකාර විඳීමක් වේද යන්න එකී අත්දැකීමකට මුහුණ නොදුන්නෙකු හට ප්‍රත්‍යක්ෂ කරගත නොහැකි වනු ඇත. මෙම සේයාරුව තුළ ඇත්තේද එවන් විඳීමකි. ශ්‍රවණ අබාධයකින් පෙළෙමින් සිටි "හැරල්ඩ් විටල්ස්" (Harold Whittles) නම් මෙම කුඩා දරුවා හට ප්‍රතිකාර කොට ශ්‍රවණාධාර උපකරණයක් (earpiece) පැළඳීමෙන් පසුව ඔහුට අවට වූ ශබ්ද සහ අනෙක් පුද්ගලයින්ගේ කටහඬවල් ඇසීමට පටන් ගනී. කිසි දිනෙක කිසිදු හඬක් ඇසීමට වරම් නොලැබ නමුත් වාසනාවකට යළිත් ලෝකයට සවන් දීමට අවස්ථාව උදා වූ ඒ අවස්ථාවේ තමාට නුහුරු මෙම අත්දැකීමෙන් ඔහු විශ්මයට පත්ව සිටී. ඔහුගේ මුහුණේ වන එම ස්වභාවික විමතිය "ජැක් බ්‍රැඩ්ලි" නම් ජායාරූපකරුවා විසින් එසැනින් සාර්ථක ලෙස ග්‍රහණය කොටගෙන ඇත.

1 comment:

  1. භීතියක්ද විශ්මයක්ද...හිතාගන්නවත් බෑ..!!
    ස්තූතියි තොරතුරු බෙදා ගත්තට...

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators