Friday, October 31, 2014

සිත් සලිත කළ පෙම් කතා

මරණය ගෙනා පෙම්වතිය



මෙම ජායාරූපයේ දැක්වෙන්නේ "Jeffries routt" නම් සුසන භුමියයි. මෙය පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ ඇලබාමාහි "Hazel Green" නම් ප්‍රදේශයේය. "Elizabeth Routt" නම් කාන්තාවක්  එම ප්‍රදේශයේ වාසය කොට ඇති අතර ඇය තමා හා සබඳකම් පැවැත්වූ පුරුෂයන් 7 දෙනෙකු මරා මෙහි මිහිදන් කර තිබේ. පුරාවෘත්ත අනුව සඳහන් වන්නේ මෙම "Elizabeth Routt" නම් කාන්තාවට ඉක්මනින්ම සබඳකම් පැවැත්වූ ස්වාමිපුරුෂයන් එපාවිම නිසා ඇය මොවුන්ව මරා පුළුස්සා දමා ඇති බවයි. එසේ මරා දැමූ පුද්ගලයින්ගේ හිස්වැසුම් නිවසේ පිටුපස දොරේ එල්ලූ බවක්ද සඳහන් වේ. මෙම කාන්තාව අදටත් මෙම භුමියේ සැරිසරන බවට සාක්ෂි ලැබී ඇත. මෙම 
කාන්තාව "The Black Widow" ලෙස හඳුන්වන අතර වයස අවුරුදු 17 තරුණයෙකු මෙම සුසාන භූමියේදී ඇයගේ කොළ පැහැති ඇස් දැකීමෙන් බිය වූ බවක්ද වාර්තාවේ.


සුදු වතින් සැරසුනු තරුණිය



මෙම කතාව පැවත එන්නේ ඇමරිකාවේ "Chatham Manor" නම් ප්‍රදේශයෙනි.මෙය පිහිටා ඇත්තේ Virginia ප්‍රාන්තයේ Fredericksburg නම් ප්‍රදේශයේ වන අතර මෙම කතාවේ එන තරුණියගේ පියා ඉංග්‍රීසි ජාතික වංශවතෙකි. ඔහු තම තරුණ දියණියව මෙම ඇමරිකාවේ "Chatham" නම් ප්‍රදේශයට ගෙනෙන්නේ ඇය පෙමින් වෙලී සිටි දුප්පත් පෙම්වතාගෙන් වෙන් කිරීමේ අරමුණෙනි. කෙසේ හෝ පෙර කී තරුණයා සිය පෙම්වතිය හමු වීමේ අරමුණින් ඇමෙරිකාවට පැමිණෙනවා. එය සැලවූ තරුණියගේ පියා සිය බලය යොදා ගනිමින් ඔහුට සාවද්‍ය චෝදනාවක් එල්ල කොට සිර භාරයට පත් කරයි. ඉන් පසු ඔහු හදිසියේම සිරයේදී මියයනවා. මෙයින් කම්පාවට පත් වන තරුණිය ඉන් වර්ෂ කිහිපයකට පසුව මියයනවා. ඇයගේ මරණයෙන් පසුව ඇයගේ අවතාරය එම ප්‍රදේශයේ පිහිටි "Rappahannock "නම් ගංගාව ආශිතව දර්ශනයවී තිබෙනවා.සෑම වර්ෂ 7කටම වරක් ඇය සිය ආදරණිය පෙම්වතා සොයාගෙන මෙම ප්‍රදේශයට පැමිණෙනවා යනුවෙන් එම ප්‍රදේශයේ වූ වයෝවෘද පුද්ගලයෙකු මාධ්‍යවේදීන් සමග පවසා තිබුනා. ඇයව "The Lady in white" යනුවෙන් එම ප්‍රදේශවාසින් හඳුන්වයි.

ඇනාගේ තානායම




"17 hundred 90" තානායම පිහිටා ඇත්තේ ඇමරිකාවේ "ජෝර්ජියා" ප්‍රාන්තයේ Savannah ප්‍රදේශයේ. එහි සිටි එක් වෙළෙන්දෙක් එහි තානායමේ වූ Anna නම් සුරූපී තරුණියක් හා පෙමින් බැඳුණි. කල් යත්ම ඔහු ඇයව රවටා හැරයාමත් සමග ඇය සියදිවි හානි කරගෙන තිබෙන අතර අදටද මෙම තානායමේ කැඩපත් මතින් හා පුටු මත ඇයගේ භූතාත්මයේ සේයාව දක්නට ලැබෙන බව පැවසෙනවා. වර්තමානයේ එහි සිටින්නන් පවසා සිටින්නේ මෙම තානායමට පැමිණෙන කාන්තාවන්ට ඇයගෙන් හිරිහැර සිදු වන බවත්, එම හේතුව නිසා තානායමට පැමිණීමට ඇතැම් පිරිස් ඉතා බියක් දක්වන බවත්ය.

කැසබ්ලැන්කා

                    


"කැසබ්ලැන්කා (Casablanca) " තානායම පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ Florida නුවර "Saint Augustine "ප්‍රදේශයේය. මෙම තානායමට වසර 96ක පමණ ඉතිහාසයක් ඇත. මෙම තානායමේ මුල්ම තානායම් කාරියක වූ වැන්දබු කාන්තාවක් මෙහි නැව් වලින් පැමිණ ජාවාරමේ යෙදෙන Rum ජාවාරම් කරුවෙකු හා පෙමින් බැඳෙනවා. ඇය බොහෝ රාත්‍රී කාල වලදී මෙම ජාවාරම් කරුට ලන්තෑරුම් එළියක් පෙන්වමින් එහි වරායේ නිලදාරීන්ගෙන් තොරවූ විට පණිවිඩයක් සපයයි. එක් දිනක් මෙම ජාවාරම් කරුගේ නැව රහසේම පිටත්ව යන්නේ ඇයටත් නොකියාමයි. එම නැව යළි කිසි දිනෙක පැමිණියේ නැත. නමුත් එදා පටන් අද දක්වාම එම කාන්තාව වසරේ යම් දිනෙක රාත්‍රියේ තම පෙම්වතා එනතුරු ලන්තෑරුම වනමින් ගී ගයන බව සඳහන් ජනප්‍රවාදයේ සඳහන් වේ.



නිම නොවූ නර්තනය


වසර ගණනාවකට පෙර "Henderson" මෙතෝදිස්ත පාසැල එදවස නමින් "Henderson Brown College" හි තරුණ ශිෂයෙක් එම පාසලේ ප්‍රතිවාදී පාසලවූ "Ouachita" බැප්ටිස් පාසලේ තරුණ ශිෂ්‍යයාවක් සමග පෙමින් බැඳේ. නමුත් මෙම දෙපලට පාසලේ දී විවිද කරදර වලට මුහුණපෑමට සිදුවන්න්නේ එම පාසල් දෙක අතරවූ ආගමික වශයෙන් වූ නොගැලපීම නිසාවෙනි.මෙනිසා තරුණ ශිෂ්‍යයා තම ප්‍රේම සබඳතාව නතර කළේය.නමුත් මෙම සිසුවා ඉහත කි සිසුවියට homecoming dance( පැමිනිම සඳහාවූ නර්තනය) සදහා ඇය රැගෙන යන බවට පොරොන්දුවිය. නමුත් ඔහු පුද්ගලයන් ගෙන් ලද බලපෑම නිසා වෙනත් කාන්තාවක් සමග නර්තනයට යනබව දැනගත් සිසුවිය ඇතිවූ ශෝකය නිසා සියදිවි හානිකරගනු ලබනවා. එදා ඇය හැඳ සිටියේ කලු පැහැති වස්ත්‍රයකි.අද වනවිට මෙය විශ්වවිද්‍යාලයකි. අදටද මෙම සිසුවිය සිසිර සෘතුවේ homecoming සතියේදී කාන්තාවන්ගේ නැවතුමේ (girl's dorms) හි තමන්ගේ ආදරය සොරාගත් තරුණිය සොයමින් ගැවසෙන බව දුටුවන් පවසයි. දුටුවන් පවසන ආකාරයට මෙම කළු ඇඳගත් සිසුවියගේ ඇසෙහි කඳුළු පවා දක්නට ලැබී ඇත.


                  ඉහත දැක්වෙන සමහර සිදුවීම් සිදුවී තිබෙනේ අදින් සියවස් ගණනාවකට පෙරය. ඉහත පුවත් හි එන කාන්තාවන් ආදරය, ආශාව හා රාගය නිසා එනම් යම්දෙයක් තදින් ග්‍රහණය කරගැනීමේ වේදනාව නිසා එදවස ජිවිතයට හානිකරගත් හා බලාපොරොත්තු රාශියක් සිත්හි දරාගෙන මියගිය පුද්ගලයන්ය. මෙම කාන්තාවන් අදටද නොලැබෙන දෙයක් සොයමින් වෙහෙසට පත්වන අයුරු හා එතුලින් වේදනාවට පත්වන අයුරු මෙම සිදුවීම් තුලින් අපටද අත්විඳිය හැක. මේ සියළු කතා පුවත් ආදර්ශයට ගනිමින් අපටද නිගමනය කල හැක්කේ හුදු වේදනාවන් ගෙන් පළායෑම සඳහා මරණය තෝරාගැනීම විසඳුමක් නොවන බවයි. සමස්ථයක් ලෙස ගත් විට මෙම සිදුවීම් තුලින් පැහැදිලිවන්නේ වේදනාවන්ගේ අවසානය මරණය නොවන බවත් එය නව වේදනාවක ආරම්භය බවත්ය. ඒතුලින් ජයග්‍රහණය වන්නේ මරණය ඉක්මන්කර ගැනීම නොව ඉපදීම නැතිකිරීම බව පැහැදිලිවේ.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators