Friday, October 24, 2014

අරුම පුදුම දේවල්

චීස් තෑග්ග

බ්‍රිතාන්‍යයේ විසූ ප්‍රමුඛ පෙළේ චීස් නිෂ්පාදකයෙකු වන "Green's of Glastonbury" වික්ටෝරිය රැජිනගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් මංගල තෑග්ගක් ලෙසට "Cheddar" නම් චීස් වර්ගයෙන් ටොන් බාගයක් තෑගි ලෙස ලබා දී තිබෙනවා.එය දිගින් මීටර් තුනක් පමණ වන කොටු හැඩයේ විශාල චීස් කුට්ටියකි.


ඉතාලි ගණිකාවන්


ලෝකයේ ගණිකා වෘතිය නීතිගත රටවල් අතර ඉතාලියේ ඇතැම් ප්‍රදේශ වලද එම වෘතිය නීතිගත වන අතර එහි එක්තරා නගරයක පමණක් පුදුම සහගත නීතියක් පනවා තිබීම දැකගත හැකියි. එනම් ඉතාලියේ "සියේනා" (Siena) නම් ප්‍රදේශයේ යම් කාන්තාවක් ගණිකා වෘතියේ යෙදෙයිනම් ඇයගේ නම අනුව පමණක් එම වෘතියේ යෙදීමට සිදු වේ. මේරී(Mary) යන නම් ඇත්තියන් හට එහි ගණිකා වෘතියේ යෙදීම තහනම්ය. මන්ද "මේරී" යන නමින් ශුද්ද වූ මරිය තුමිය හඳුන්වන්නට ලැබීමද එම නමට අගෞරවයක් යැයි "සියේනා" හි ආගමික සභාවන් තීරණය කොට ඇති නිසාය.


වඳුරන්ට ගිය පොලීසිය

පළමු ලෝක යුද සමයේ එනම් 1915 කාලයේ අප්‍රිකාවේදී "බැබුන් වඳුරෙකු" පොලිස් සේවයට ඇතුලත් විය. නමින් "ජැකී" නම් මෙම බැබුන් වඳුරා යුද කටයුතු සඳහාද සහභාගී වී තුවාල ලබා ඇති පදක්කම් ලාභී පොලිස් වඳුරෙකි.


කුරුළු සුප්

චීනයේ කාලාන්තරයක් තිස්සේ අතිශය ජනප්‍රිය වූ ආහාරයක් ලෙස කුරුළු කූඩු වලින් සෑදු සුප් වර්ගයක් දැකගත හැකිය. මුහුදු ලිහිණියන්ගේ කූඩු යොදාගෙන මෙම සූපය පිළියෙළ කරන අතර මෙය වසර 400ක් පමණ පැරණි ආහාරයකි. මිළෙන් අධික මෙම සුප් ආහාරයට ගැනීමෙන් කාමොද්වීපනය හොඳින් සිදු වන බවට මතයක්ද පවතී.


පොඩි මිනිහෙක් “General Tom Thumb.”

1838 වසරේ ජනවාරි 4 වන දින උපන් "චාර්ල්ස් ෂර්වුඩ්" නැමැත්තාගේ වර්ධනය වයස මාස 6දී සම්පූර්ණයෙන්ම අවසන් වේ. ඔහු වැඩි වියට පැමිණියත් ඔහුගේ උස මීටරයක් පමණක් විය. කෙසේ වෙතත් ඔහු ඇමරිකාවේ සර්කස් කණ්ඩායමක ජනප්‍රිය සාමාජිකයෙකු ලෙස පසු කලෙක කටයුතු කළේය. ඔහුව හැඳින්වූ ආදර නාමය වූයේ “General Tom Thumb” ලෙසිනි. ඔහු "ලැවිනියා වෝරන්" නම් කුඩා කාන්තාවක සමග විවාහ දිවියටද එළඹ තිබේ.


බෙලි කැපූ රජු 



1689 සිට 1725 දක්වා කාලය තුළ රුසියාවේ රජකම් කළ මහා පීටර් අධිරාජ්‍යයා දරුණු පාලකයෙකු වූවේය. වරක් ඔහුගේ බිරිඳ වූ අග බිසව වෙනත් අයෙකු හා රහස් සබඳතාවයක් පවත්වාගෙන යන ලදී. මේ බව පීටර් රජු හට සැලවීමත් සමග ඔහු එම පුද්ගලයා අල්වා මරා දමා ඔහුගේ හිස කඳින් වෙන් කොට මධ්‍යසාර බඳුනක දමා සිය බිරිඳ නිදන නිදි යහන ආසන්නයේ ඇයට පෙනෙන්නට සැලැස්වීය.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators