Sunday, October 19, 2014

කවි පොතක් - ඉම් පෙදෙස්

1999 වසරේ ආරියවංශ රණවීර මහතා විසින් එලි දක්වන "ඉම් පෙදෙස්" කාව්‍ය එකතුව වෙනස් ආරක අපූර්ව කවි රැසකින් යුතු කෘතියක් ලෙස හැඳින්විය හැක. නිවසේ පොත් ගුල තුළින් කලකට පසුව හමු වූ මෙම කෘතියේ කවි සටහන් කියවන විට ඉම් පෙදෙස් ගැන සටහනක් තැබීම අගනේ යැයි සිතුනි. මෙහි මුල්ම පිටුව තුළ ආරියවංශ රණවීරයන් පිළිබඳව මෙවන් හැඳින්වීමක් ඇත.

1980 දශකයේ මැද භාගයේදී "කවි කිහිපයක්" නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පළ කරමින් ලාංකික කාව්‍ය වේදිකාවේ නිහඬව අසුන් ගත් ආරියවංශ රණවීර පසුව "සම්මිශ්‍රණ" :ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ" "සඳ ඇබින්දක්" "ඉමක් සහ මලක්" "අතු ඉති" "ඔය බඩ වවුල්ලු" ආදී වශයෙන් කාව්‍ය සංග්‍රහ කීපයක් පළ කරමින් ක්‍රම ක්‍රමයෙන් පාඨකයාගේත්, විචාරකයගේත් නොමඳ පැසසුමටත්, අවධානයටත් පාත්‍ර විය. එක් පසෙකින් බටහිර කවියද, තවත් පසෙකින් ජපන් හයිකු කවියේද ඇසුර ලබමින් තමාගේම කවි මගක් සකසා ගත් ආරියවංශ රණවීර, "ලිලැක් මල් මිටක්" හා "විසිරිමිණි" නමින් රුසියානු හා ජපන් හයිකු කාව්‍ය එකතුවක්ද පරිවර්තනය කරමින් ලාංකික කාව්‍ය රසිකයන්ට විශ්ව කාව්‍යයේ රුව ගුණ හඳුනා දෙන්නට වෑයම් කළේය.


"කතා නොකරන මිතුරෙකු දෙන්න මට
හිම ගිරක් සේ නිස්සද්ද
විඩාපත් සිත රැගෙන ගොස්
ළඟින් හිමිහිට ඉඳගන්ට
ඇසෙන කියවෙන සියලු දුක්
හද පතුළෙහි නිවන්නට
කතාවෙන් කුඩා නොකරන
මහා ගැඹුරෙහි
ගිලෙන්නට......"

    (ආරියවංශ රණවීර - ඉම් පෙදෙස්)


                                                      ආරියවංශ රණවීර

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators