Monday, October 20, 2014

වෙන්දේසි කළ කන්‍යාභාවය

ආසියානු කලාපය තුළ කන්‍යාභාවය යන සංකල්පය පිළිබඳව විවිද මතවාදයන් විශ්වාසයන් පවතින අතර විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ සම්ප්‍රදාය තුළ ඊට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ඇතැම් විට මේ හා බැඳුනු මිත්‍යා මතද විශාල ප්‍රමාණයක් ආසියානු සංස්කෘතික සමාජයේ දකින්නට අසන්නට ඇත. නමුත් කන්‍යාභාවය යන සංකල්පය ආසියානු සමාජය තුළ පමණක් කතා බහට ලක් වන්නක් නොවේ. යුරෝපා,ඇමරිකානු සහ දකුණු ඇමරිකානු කලාපයන්හි පවා මේ හා සබැඳි විවිද මතයන් පවතී. මෙහි සඳහන් කාන්තාවන් සිය කන්‍යාභාවය මුදලට අළෙවි කළ කාන්තාවන් වීමත් ඔවුන් සියලු දෙනා අතර බහුතරය යුරෝපා,ඇමරිකානු සහ දකුණු ඇමරිකානු කාන්තාවන් වීමත් විශේෂයි.


1. Cathy Cobblerson

වසර 2004 දී වයස 24 ක් වූ Cathy Cobblerson වාසය කළේ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේය. ඇය අන්තර්ජාලයේ "eBay" ජාලය හරහා සිය කන්‍යාභාවය වෙන්දේසි කළ අතර එහි ලංසුව ඇමරිකන් ඩොලර් ලක්ෂයකි. කෙසේ වෙතත් ඇයගේ ගැනුම්කරුවා වූයේ කවරෙක්ද යන්න හෙළි වූයේ නැත.


2. Rosie Reid


2004 වසරේ 18 වන වියේ පසු වූ Rosie Reid නම් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සිය කන්‍යාභාවය වෙන්දේසි කරන්නේ බ්‍රිතාන්‍ය පවුම් 8400කටයි. ඇයගේ ගැනුම්කරුවා වූයේ 44 හැවිරිදි දික්කසාද ඉංජිනේරුවරයෙකි.


3. Graciela Yataco

18 හැවිරිදි පේරු ජාතික මෝස්‌තර නිරූපණ ශිල්පිනියක වන Graciela Yataco සිය කන්‍යාභාවය වෙන්දේසි කරන ලද්දේ ඇමරිකන් ඩොලර් දහතුන් ලක්ෂයකටයි. සංවේදී කාරණාව නම් ඇය එම මුදල අය කිරීමෙන් බලාපොරොත්තුව වූයේ රෝගීව සිටින සිය මවගේ රෝහල් ගාස්තුව ගෙවා දැමීම සහ බාල සහෝදරයාගේ අධ්‍යාපනික වියදම් පියවා ගැනීමයි.



4. Natalie Dylan


ඇමරිකානු ජාතික විසි දෙහැවරිදි Natalie Dylan 2008 වසරේදී සිය කන්‍යාභාවය වෙන්දේසි කරනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 3.7කටයි. ඇය පැවසූයේ සිය පවුලේ ආර්ථික අපහසුතා සහ තමාගේ පශ්චාත් උපාධිය සඳහා වැය වන මුදල සොයා ගැනීම එහි අරමුණ වන බවයි.



5. Alina Percea

2009 වසරේ 18 වන වියේ පසු වූ රොමේනියානු ජාතික මෙම තරුණිය සිය කන්‍යාභාවය බ්‍රිතාන්‍ය පවුම් 8800කට වෙන්දේසි කරන්නේ සිය උපාධිය නිම කරගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමටයි. ඇයගේ ගැණුම්කරුවා වූයේ 45 හැවිරිදි ඉතාලි ජාතිකයෙකි. එහිදී ඇයට තමා සැබෑ ලෙසම කන්‍යාවක් බව ඔප්පු කර පෙන්වීම සඳහා වෛද්‍ය පරික්ෂණ දෙකකට සහභාගී වීමට සිදු වූ අතර අවසානයේ ඇය ඉතාලි ජාතිකයා සමග වැනීසියේ සංචාරයකටද එක් විය.


6. Raffaella Fico


2009 වසරේ 20 හැවිරිදි ඉතාලියානු මෝස්‌තර ශිල්පිනියක වූ Raffaella Fico සිය වෙන්දේසිය ඉදිරිපත් කළේ ඩොලර් මිලියන 1.8කටයි. ඇයගේ අපේක්ෂාව වූයේ ඉතාලියේ අග නුවරින් සුඛෝපභෝගී නිවසක් මිළට ගැනීමයි. ඇය ප්‍රසිද්ධියේ දිවුරා ප්‍රකාශ කර සිටියේ ඇයට කිසි දිනෙක ප්‍රේමවන්තයෙක් හෝ සිට නැති බවයි.



7. Unigirl

                         

2010 වසරේ "Unigirl" නම් ආරුඪ නාමයකින් පෙනී සිටි නවසීලන්ත ජාතික දුප්පත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක සිය කන්‍යාභාවය වෙන්දේසි කරනුයේ ඩොලර් 32000කට වූවත් අවසානයේ ඇයට ඩොලර් 250000ක ලංසුවක් හිමි වන අතර එහි ගැණුම්කරුවා කවුද යන්න හෙළි නොවුණි.



8. Catarina Migliorini


2012 වසරේ බ්‍රසීල ජාතික සිසුවියක වූ මැය සිය කන්‍යාභාවය වෙන්දේසි කරනුයේ ඇමරිකානු ඩොලර් 780000ක මුදලටයි. ඇය එමගින් බලාපොරොත්තු වූයේ තමා වාසය කරන ප්‍රදේශයේ සිටින දුප්පත් නිවාස අහිමි මිනිසුන් වෙනුවෙන් නිවාස සාදා දීමටයි.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators