Friday, October 3, 2014

මොනිකා නම් ඇය...

    70 දශකයේ "අප දෙන්නා සහ තවත් කීප දෙනෙක්" ,"තහනම් දේශය" ,"අංගුලිමාලගේ සිහිනය" වැනි අනර්ඝ කාව්‍ය කෘති ඔස්සේ ලාංකේය සමාජය ආමන්ත්‍රණය කල ඇය මාතර මාලිම්බඩ නම් ග්‍රාමයේ ඉපද ගල්අමුණ කනිෂ්ට විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයන්හි සිප් සතර හැදෑරු ඇය 1964 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වන්නේ කලා විෂයන් හැදෑරීමටයි. 67 වසරේ ඇය සිය උපාධිය හිමි කොටගෙන පිටව ගියද රැකියා පෝලිමේ සිටි ඇයට ස්ථිර රැකියාවක් හිමි වන්නේ 1971 වසරේදීය. 1974 වසරේ යුග දිවියට එළඹෙන ඇය රැකියාවල් ගණනාවකම යෙදෙමින් සමාජ සේවා රැසකටද දායක වූවාය. සැබවින්ම ඇය මානව හිතවාදී කිවිඳියක් වූ අතර සිය කවිය සේම රැකියාවද මිනිසුන් වෙනුවෙන්ම යෙදවූ විශිෂ්ට කාන්තාවක වූවාය. අතිශය ධෛර්යවන්ත ගුණාංග වලින් යුතු වූ මෙම කිවිඳියගේ ජීවිතයට පැමිණි විශාලතම අභියෝගය වන්නට ඇත්තේ ඇය පෙලූ පිළිකා රෝගය විය හැක. ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වූ පිළිකාව ඇයට තව දුරටත් ඇයගේ කවි ලෝකයේ සැරි සැරීමට ඉඩ දුන්නේ නැත. 2004 වසරේ ජූලි මස 10 දා ඇය මෙලොවින් සමු ගන්නේ කවි සිත් මත සදාතනික මතකයක් ඉතිරි කරමිනි.

මොනිකා රුවන්පතිරණ කාව්‍ය නිර්මාණ - 

ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය 
අතුරු මිතුරු 
පත්තිනි දේවතාවී (රාජ්‍ය සම්මාන)
හිපොක්‍රටීස් සහ රෝගිනිය (රාජ්‍ය සම්මාන)


ළමා මනාලිය

බොළද ළමා සිතිවිල්ලේ සරන්නියේ
අණසක බිඳින්නට නොහැකිව හඬන්නියේ
දෙවියකු පිහිට වේදැයි මග බලන්නියේ
අවසන කොතැන වෙද නොම දැන දුවන්නියේ

නොපිපුණු කැකුළ බිල්ලට පුද කරන්නිද
නොවැඩුණු උකුළ තුළ කළලය වඩන්නිද
නොවැඩුණු ළැමෙන් බිළඳුට කිරි පොවන්නිද
නොපැසුණු සිත කයින් ගැහැනියක වන්නිද

කවා පොවා දරු සතපා ළඟින් හිඳ
ගෙවතු මල් වාවා යළි ගේ දොර ඇමද
සිරි යහනේ මොහොතක් නිදි ලබන සඳ
මිය ගිය ළමා ළොව සිහිනෙන් පෙනේවිද

                                     
                                                     (මොනිකා රුවන්පතිරණ)

1 comment:

  1. මෙතුමියගෙ කවි පන්තියක් සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය පොතෙත් තිබ්බ මතකයි.. මතක විදිහට "පුංචි බේබි" වගේ මොකක්හරි තේමාවක් තිබ්බෙ..

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators