Saturday, October 18, 2014

ලාංකේය සිනමාවට නවමු ආකෘතියක්- "තණ්හා, රති, රඟා"

ඊයේ දින සවස සුබ මුහුර්තයෙන් ප්‍රදර්ශනය ඇරඹු තණ්හා,රති,රඟා සිනමා පටය ලාංකේය සිනමා සංස්කෘතියේ තවත් එක් වෙනස් ලක්ෂයක් ලෙස හඳුන්වා දීම වරදක් නොවේ. ජාත්‍යන්තර සම්මාන ගණනකින් පිදුම් ලැබූ මෙම සිනමා නිර්මාණය නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාගේ අධ්‍යක්ෂණයෙන් ඔපවත් වූවේ ඔහු සතු වූ සියුම් දේශපාලන දෘෂ්ටියද සමගින් වීමද මෙහි වන විශේෂත්වයයි. දීර්ග කාලයක් පුරා රූපවාහිනී සහ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස ඔහු සතු වූ ප්‍රවීණත්වය මේ සිනමා නිර්මාණය මේ තරම් සාර්ථක වීමට උදක්ම බලපා ඇති බව පැහැදිලිය. ලාංකේය සිනමාවට ලෝක සිනමාව අතික්‍රමණය කිරීමේදී විවිදාකාර බාධක තිබූ නමුත් මෙවැනි සාධනීය සිනමා නිර්මාණ ඔස්සේ එම බාධක බිඳ හෙලෙන්නේයැයි හැඟී යයි.

2009 වසරේ ලංකේය ජන සමාජය ත්‍රස්තවාදී උවදුරෙන් මිදීමත් සමග ඉන් ඇති වන ප්‍රබෝදය සමග කොළඹ පුරවරයේ පහළ මධ්‍යමපාන්තික සමාජයක් තුළින් මතු වන චරිත ත්‍රිත්වයක් උතුරු ප්‍රදේශයේ සංචාරයක යෙදේ. එකී සංචාරය සමග සාමාන්‍ය පරිදි ගලා ගිය ඔවුනගේ ජීවිත වෙනස් මාර්ගයකට යොමු වීමත් සමග අනපේක්ෂිත සිදුවීම් ගණනාවකට ඔවුනට මුහුණ දීමට සිදු වේ. වසර තිහක් මේ භූමිය තුළ හොල්මන් කළ ත්‍රස්තවාදය නම් පිළිලය තවත් පරම්පරා ගණනාවක් එපිටට, තවත් සංස්කෘතික පරිසරයකට අහිතකර ලෙස බල පැවැත්වෙන්නේ කෙසේද යන්න ඒත්තු ගැන්වීමට මෙම සිනමා පටය උත්සහ කරයි. ඇතැම් විටෙක මිනිස් දෛවයේ වූ සරදම්කාරී සිදුවීම් මෙම නිර්මාණය තුළ අප හදවතට සමීප කරවයි. ඇතැම් තැනක අපගේ ජීවිතය අපගේ පාලනයෙන් තොර වන්නේ කෙසේද එවිට ගෙවීමට සිදු වන ප්‍රති විපාක කවරේද යන්න ඉතා මැනවින් අන්තර්ගත වූ සිනමා නිර්මාණයකි. අධ්‍යක්ෂවරයාගේ සිනමා භාවිතාවේ වූ විශිෂ්ටත්වය කෙතරම්ද යන්න ඔහු භාවිතා කරන සංකේත සහ සිනමා සංස්කරණ ක්‍රමවේද ඔස්සේ හඳුනාගත හැකිය. තවද සිනමා පටය ආරම්භයේ සිටම අවසානය දක්වාම ප්‍රේක්ෂකයාගේ අවධානය සිනමා පටය කෙරෙහි බැඳෙන්නේ නිතැතින්මය. සිනහව,සතුට,කඳුල,ත්‍රාසය, ආදරය සහ මිත්‍රත්වය සියල්ල මුසු කළ මෙම සිනමා පටය විඳ ගැනීමේ අවස්ථාව දැන් ඔබ සතුය. නරඹන්න "තණ්හා, රති, රඟා"............

 

විශේෂ ස්තුතිය - නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා, ශාමලී ජූඩිත් මහත්මිය සහ පවුලේ සැමට....




 
අධ්‍යක්ෂක - නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා          

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators