Wednesday, October 29, 2014

අද්භූත බෝනික්කා

    බෝනික්කන් යනු කුඩා දරුවන් බොහෝ කැමැත්තක් දක්වන සෙල්ලම් භාණ්ඩයකි. විශේෂයෙන්ම කුඩා ගැහැණු ළමුන් බෝනික්කන් හට වැඩි කැමැත්තක් දක්වයි. මෙම කතාවෙන් අප පවසන්නේ තරමක් අද්භූත බෝනික්කෙකු පිළිබඳවයි.එක්තරා කාන්තාවකට තෑග්ගක් ලෙස මෙම Ann නම් බෝනික්කාව ලැබෙනවා.ඇය හා ඇයගේ යෙහෙළියක් මෙම බෝනික්කාව නිවසේ තබන්නේ එම බෝනික්කා සතු සිත් ඇදගන්නා සුළු බව නිසාමයි. නමුත් ටික දිනක් ගත වෙත්ම මෙම බෝනික්කාගේ කිසියම් වෙනසක් ඔවුනට නිරීක්ෂණය වනවා. මෙම Ann බෝනික්කා එක් තැනක නොරැඳී නිවසේ තැනින් තැන සැරිසරන සේයාවක් ඔවුන්ට පෙනෙනවා. එපමණක් නොව මෙම බෝනික්කා ඔවුන්ගෙන් උදව් ඉල්ලා නිවසේ තැනින් තැන සටහන් ද තබනවා. මෙය මහත් ප්‍රහේලිකාවක් වූ තැන නිවැසියන් අධි මානසික හැකියාවක් සහිත පුද්ගලයෙකුට මෙය පෙන්වයි. එවිට ඔහු පවසන්නේ මෙම බෝනික්කා එමනිවසේ කලින්සිට මියගිය "Annabelle" නම් දැරියකට අයත්ව තිබූවක් බවයි. මෙම තත්වය මත ඔවුන්ගේ යහළුවෙක් මෙම බෝනික්කාව අතහැර දමන්නට හෝ නිවසෙන් පිට කරන ලෙස ඔවුනට උපදෙස් දෙනවා.එසේ නොවූවහොත් මෙය කිසියම් අසුභ දෙයක් හිමි කර දේ යැයි කියාද පවසනවා. මෙම ප්‍රකාශය කළ අවස්ථාවේ එය පැවසූ ඔවුන්ගේ යහළුවා හදිසියේම ඔහුගේ පාලනයෙන් තොරව පාවීමට පටන්ගන්නවා. පුදුමය නම් රාත්‍රී කිහිපයකට පසුව එම පුද්ගලයාගේ පපු ප්‍රදේශයේ නියපොතු පහරවල් වලින් හූරන ලද සලකුණු කිහිපයක්ද දැකගැනීමට තිබීමයි. පසුව මෙම නිවෙස් හිමි කාන්තාවන් දෙදෙනා යකැදුරන්ගේ පිහිට පතනවා. නමුත් ඔවුන්ටද මේ වෙනුවෙන් කිසිත් කළ හැකි වන්නේ නෑ. ඔවුන්ද මෙම බෝනික්කාට පරදිනවා. වර්තමානයේ මෙම "Ann බෝනික්කා" ඇමරිකාවේ "warren's occult" නම් කෞතුකාගාරයේ වීදුරුවක් පිටුපස සුරක්ෂිතව තබා තිබෙනවා. මෙම බෝනික්කාගේ කතාව පදනම් කොටගෙන චිත්‍රපට පවා නිර්මාණය වී තිබෙන අතර ඔක්තෝබර් මස 3 වන දින නිකුත් කරන ලද "Annabelle" සිනමා පටය මෙහි කතා තේමාව හොඳින් රැකගත් සිනමා පටයකි.


                                 "warren's occult" හි තැන්පත් කොට ඇති Annabelle


                                                    "Annabelle" සිනමා පටය

                                               "Annabelle" පූර්ව ප්‍රචාරක පටය

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators