Wednesday, October 22, 2014

ශීත සෘතුව

2006 වසරේ "රුසියාව" ත්‍රෛමාසික සඟරාවේ ඔක්තෝබර් - දෙසැම්බර් කලාපයේ පල වූ මෙම කාව්‍යය රචනා කරන්නේ වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත සූරියාරච්චි මහතාය. රුසියාවේ "ලූවොච් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන්" ඉගෙනුම ලැබූ එතුමන් 1990දී නැවතත් ලංකාවට පැමිණේ. මෙහි ඇත්තේ එතුමන් විසින් රුසියානු බසින් රචනා කළ කවියක සිංහල පරිවර්තනයයි. මේ ඔහුගේ අදහසයි. " විවේක වේලාවකදී කවි පද ගොතන්නට හා ඒවා කොතැනක හෝ ලියතැබිමේ පුරුද්දක් මා තුළ පැවතුනි.වරෙක රුසියානු බසින්ද කවි ලිවිය යුතු බවට සිතුවිල්ලක් මා තුළ පහළ විය. ඒ අනුව මා ලියූ ප්‍රථම කවි පෙළ අප හට රුසියානු බස ඉගැන්වූ ගුරුතුමිය වෙත තැබුවෙමි. ඇය ඉතා සොම්නස්ව රුසියානු බසින් තව තවත් කවි නිර්මාණය කරන ලෙස මව දිරිමත් කළාය. එම කවි නිර්මාණයද එහි දළ සිංහල අදහසද මෙහි පළ කරන්නට සිතුවෙමි.


නොදැනීම නොදැනීම
ඔන්න ආයෙමත් ශීත සෘතුව
මම හිම ස්පර්ශ කළා
එය හැමදාටම මතකයේ රැඳුණා...
සුදු පැහැති වෘක්ෂයන් සුදු පැහැති ගෙවල්
කොටින්ම මුළු පරිසරයම සුදු පැහැතියි
කවදාවත්ම දැකලා නැහැ මේ වගේ විස්මයක්
සතුටින් දිලිසුනේ මගේ දෙනුවන්.....

මෙවැනි දෙයක් දැකලා නැතිවම
කොච්චර කල් ජීවත් වුණාද වසන්තය මායිමේ
මා මෙවැන්නක් දුටු මුල්ම වතාව
හරියටම මුලින්ම ඔබව දුටු දින වගෙයි

නොදැනීම නොදැනීම
ඔන්න ආයෙමත් ශීත සෘතුව
මම හිම ස්පර්ශ කළා
එය හැමදාටම මතකයේ රැඳුණා.....

මට තවම මතකයි
අපි ඔහේ ඇවිද ගිය හැටි
කොපමණ සතුටක් දැනුනාද මගෙ සිතට
ආදරයෙන් පිරී ගිය මගේ සිත
අන්ධව ඔබ වෙත බැඳුනු හැටි

නොදැනීම නොදැනීම
ඔන්න ආයෙමත් ශීත සෘතුව
මම හිම ස්පර්ශ කළා
එය හැමදාටම මතකයේ රැඳුණා...

මතකයි හිම
නුඹගේ පිය සටහන්
බිමට පතිත වූ වෘක්ෂයන්
හා නුඹ

නුඹ එනවා නුඹ යනවා
මම කෙලෙස විඳගන්නද එය
නුඹ වෙනස්වන දේශගුණය
නුඹ ඉවත්ව ගියොත්... ආපසු ඒවි ශීත සෘතුව

මම දන්නෑ ඇයි කියලා
මෙච්චර වේදනාවක් මගේ හදවතට
ඇයිද මේ තරම් අපහසු අමතක කරන්නට
ඒ සියල්ලම
නුඹ යළි යළිත් උපදින්නේ නැති නම් මගේ සිතේ
මා කවියෙකු නොවේවි

                                                                (වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත සූරියාරච්චි) 










No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators