Friday, July 4, 2014

"අ ව ස න් ගීතය.........."


"අපේ සටනේදී ගිටාරය සැබෑ අවියක් වන්නේත් වෙඩි උණ්ඩයක ස්වරූපය ගන්නෙත් එය වාදනය කරන්නා නිර්ව්‍යාජ කලාකරුවෙකු වූවොත් පමණි......."
ලෝක ඉතිහාසයේ පාලක පන්තිය විසින් මරා දමන ලද කලා කරුවන්ගේ ගොන්නේ එක් තැනක සිටින "වික්ටර් හාරා" නම් ප්‍රකට ලතින් ඇමෙරිකානු නිර්මාණකරු සැබෑම මානව හිතවාදියෙකු වූවේය.කුඩා පැලකින් ජීවිතය ඇරඹු "වික්ටර් හාරා" පසු කාලීනව තම උපන් බිම වූ චිලී රටේ සහ අනෙකුත් ලතින් ඇමෙරිකානු රටවල ප්‍රකට වන්නේ ගායකයෙකු මෙන්ම වාදකයෙකුද ලෙසයි.1970 වසරේ චිලි රටේ නව ආණ්ඩු වෙනසක් සිදු වන්නේ "සැල්වදෝර් අයියන්දේ" නම් ප්‍රගතිශීලී දේශපාලන නායකයා එරට ජනපති කරමිනි.මෙම මානවවාදී දේශපාලන සටනේ පෙරමුණේ "වික්ටර් හාරා" ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.නමුත් 1973 වසරේ සැප්තැම්බර් මස 11 වන දින ඒකාධිපති "පිනෝෂේ" ප්‍රමුඛ හමුදාවෝ එරට අලුතින් පත් වූ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා ප්‍රගතිශීලින් අත් අඩංගුවට ගනු ලබයි."සැල්වදෝර් අයියන්දේ" ඇතුළු ප්‍රගතිශීලින් රැසක් මරා දමන ලදී. එම පෙරමුණේ සිටි "වික්ටර් හාරා" සිර ගත කරනු ලබයි.
එවක ගුරුවරයෙකු ලෙස සේවය කළ ඔහු අත් අඩංගුවට පත් වන අවස්ථාවේත් තම සිසුන් සමග ගී ගයමින් සිට ඇත.ගිටාරයද අතැතිව සිරකරුවන් රඳවා තිබූ ක්‍රීඩාංගනයට ගෙන ගිය "වික්ටර් හාරා" ගේ අත පයට පහර දී කඩා දමයි.ඔහුගේ දෑතේ ඇඟිලි කඩා දමන වධකයන් ඔහු දෙසට ගිටාරය විසි කොට මෙසේ පවසයි... "චිලී දේශයේ අසහාය ගායකයා.......උඹට පුළුවන්නම් දැන් ගිටාර් ගහපන් " දෑතේ ඇඟිලි කඩා තිබියදී වුවත් "වික්ටර් හාරා" ගිටාරය අතින් ගනී.අනතුරුව ඔහු තම සුප්‍රකට ගීතය වූ "venceremos"( අපි දිනන්නෙමු") නම් ගීතය ගායනා කළේය.දහස් ගණනක් සිරකරුවන්ගේ දෑසින් කඳුළු කැට කඩා හැලුනි.ක්‍රීඩා පිටියේ තාප්පයෙන් එහා සිටි මිනිසුන් මේ ගීයට කන් දුන්හ.... අවසානයේ වධකයෝ "වික්ටර් හාරා" මරා දමන ලදී.................


                                 

2 comments:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators