Wednesday, July 16, 2014

නොහඳුනන ජැක්සන්.........

මාගේ ආදරය දිනන තරුණියක දෙස සෘජුව බැලීම මා හට අපහසු දෙයකි.තරුණියන් සමග තිබු මාගේ ආදර සබඳතා මා සිතු පැතූ අවසානයකට පැමිණියේ නැත. බොහෝ අයට අවශ්‍ය වූයේ මා කරන්නේ කුමක්ද? මා කැමති මොනවාටද? මා මෙය කරන්නේ කෙසේද? යන්න දැනගැනීමට මිස මා හා ජීවිතය බෙදා ගැනීමට නොවේ. ඔවුනට මා පෙළෙන හුදෙකලාවෙන් මුදා ගැනීමට උවමනා වූවත් කිසිවෙකුටත් මා එයින් මුදවා ගැනීමට තරම් හැකියාවක් නොවීය.මන්ද මාගේ හුදෙකලාව ඒ තරමටම විශාල වූ බැවිනි. මා මෙලොව වාසය කරන අතිශයින් හුදෙකලා පුද්ගලයින්ගෙන් කෙනෙක් වෙමි.
       

මාගේ බිරිඳ මාගෙන් වෙන් වූ පසු මා නිර්මාණය කළ "She Out Of My Life" ගීතය පටිගත කරන අවස්ථාව මා හට දරා ගත නොහැකි විය. එම අවස්ථාවේ මා හඬා වැටුණු බව කට කතාවක් නොවේ එය සත්‍යකි. මා හැඬුවේ එම වදන් මාගේ හදවතට ඇති කළ බලපෑම නිසයි.මේ ආකාර වූ ඇතැම් අත්දැකීම් වලින් මා පොහොසත් වූවද සැබෑ සතුට යන්නෙන් මා අන්ත දිළින්දෙක් වීමි. ඇතැම් විටෙක මාගේ මේ අත්දැකීම් සැණෙකෙළියක තබා ඇති මැජික් කැඩපතක් වැනි යැයි මට සිතේ. එක් තැනකින් මහතට පෙනෙන කළ අනෙක් පසින් සිහින්ව පෙනෙයි........

(මයිකල් ජැක්සන් විසින් 1988 වසරේ පළ කල ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන "MoonWalk" ඇසුරෙන් සකසන ලදී. )








     

                     






No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators