Tuesday, July 15, 2014

ජූලියස් ෆුචික්



ජූලියස් ෆුචික් පුවත්පත් කලාවේදියෙකු,සාහිත්‍ය විචාරකයෙකු හා කොමියුනිස්ට් ක්‍රියාකාරයෙකු ලෙස සමාජ ක්‍රියාවලිය තුළ සක්‍රීය වූ මානව හිතවාදී මිනිසෙක් විය. 1903 වසරේ පෙබරවාරි මස 23 වන දින චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් නුවර උපත ලබන්නේ කම්කරුවෙකුගේ සහ සාමාන්‍ය ගැහැණියකගේ පුතෙකු ලෙසයි.තරුණ වියේ සිටම සමාජ ක්‍රියාකාරකම් වළ යෙදෙන මෙම තරුණයා ප්‍රාග් සරසවියෙන් උපාධියද හිමි කර ගනියි.අනතුරුව ක්‍රියාකාරී මාධ්‍ය කරුවෙකු ලෙස ජීවිතය අරඹන මොහු TVORBA නම් පුවත්පතෙහි ප්‍රධාන කතෘ ලෙස පත් වීම් ලබන්නේ ඔහුගේ මාධ්‍ය ශුරත්වය නිසාමය.

ඔහුගේ මාධ්‍ය ජීවිතයේ හොඳම අවදිය වන විට දෙවන ලෝක සංග්‍රාමය ඇරඹෙන අතර නාසි හමුදාවෝ මුළු මහත් යුරෝපය පුරාම සිය අණසක පතුරුවන්නේ අහිංසක මිනිසුන් ලක්ෂ ගණනින් පෝරකයට යවමිනි.මෙකි මර්ධනයට එරෙහිව සිය මාධ්‍ය භාවිතා කළ ෆුචික් හිට්ලර් සහ නාසි පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කළේය.මිනිසුන් පමණක් නොව මාධ්‍ය සහ අනෙකුත් ප්‍රගතිශීලී පාර්ශව මර්ධනය කරමින් සිටි නාසීන් ෆුචික් හට මරණ වරෙන්තුව නිකුත් කරයි.අවසානයේ එවකට 40 වන වියේ පසු වන ෆුචික් නාසි අත් අඩංගුවට පත් වන අතර 1943 වසරේ අගෝස්තු මස 25 වන දින බර්ලිනයේ නාසි උසාවිය විසින් ෆුචික් හට මරණ දඬුවම පමුණුවයි.සිර ගත වන ෆුචික් සිර ගෙදර සිට පවා ලේඛනයේ යෙදෙයි.මෙම සටහන් පසු කලෙක ලොව පුරා "පෝරකයේ සටහන්" ලෙස මුද්‍රණය වුයේ ෆුචික්ගේ ආදරණිය බිරිඳගේ කැප කිරීම මතයි.
1943 වසරේ සැප්තැම්බර් 8 වැනි දින අනේකවිද වද බන්දනයන්ට ලක් කළ ජුලියස් ෆුචික් නම් මානව හිතවාදිය නාසීන් විසින් මරා දමනු ලබයි.

ඔහුගේ සටහන "පෝරකයේ සටහන්" ලෙස "සිතිජය මාධ්‍ය සංසදය" විසින් සිංහලයට නගා ඇත.එහි අවසානයේ ජුලියස් ෆුචික්ගේ අවසන් සටහනේ කොටසක් මෙසේ දක්වා ඇත.
"නිතරම අපව ඔට්ටු තබන්නේ මරණයයි.මාගේ නාටකය අවසන් වීමට ආසන්නය.එම අවසානය ගැන මා හට සටහන් කළ නොහැකිය.එය කෙබඳු දැයි මම තවමත් නොදනිමි.මෙය තවදුරටත් නාටකයක් නොවනු ඇත.මෙය සැබෑ ජීවිතයයි. අවසන් ජවනිකාව සඳහා තිරය එසවෙයි.
මම නුඹලාට ආදරය කරමි.මිත්‍රවරුනි ආරක්ෂා වන්න.............

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators