Friday, July 18, 2014

ආදරය නිසා සිහසුන අත් හැරි ඔහු...

එඩ්වර්ඩ් ඇල්බර්ට් ක්‍රිස්ටියන් නැතිනම් "අටවන එඩ්වර්ඩ් රජු" ලෙස 1936 වසරේ ජනවාරි 20 සිට එම වසරේම දෙසැම්බර් 11 තෙක් බ්‍රිතාන්‍යයේ රජකම් කළ මොහු සිය රජකම අත් හරින්නේ ඔහුගේ පෙම්වතිය විවාහ කොට ගැනීමට රජ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාවය සහ විදේශික කාන්තාවක වූ ඇය වැන්නියක විවාහ කරගැනීම රජ සිරිතට පටහැනි වූ බැවිනි. ඇය ඇමරිකානු ජාතික කාන්තාවක වූ Wallis Simpson විය. ඊට පෙර දෙවතාවක් විවාහ වී අසාර්ථක විවහයන්ගෙන් පසුව ඇය හට ඇල්බර්ට් කුමරු හමු වීමත් සමග එකී අතීතයට සමුදෙන ඇය මියයන තෙක් ඔහු හා වාසය කරයි. සිය පියාගේ මරණයෙන් පසු හිස් වන සිහසුනට සිටි උරුමකරුවා වන "එඩ්වර්ඩ් ඇල්බර්ට්" කුමරු මාස කිහිපයක් රජකම දරා සිය කැමැත්තෙන්ම සිය ඔටුන්න තම බාල සොහොයුරා වන හය වන ජෝර්ජ් ( George VI ) හට බාර කරනුයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද නිකුත් කරමිනි. එය මෙසේ විය. "මා ආදරය කරන කාන්තාවගේ සහාය නොමැතිව රජෙකු ලෙස මේ සා විශාල රාජකාරි ප්‍රමාණයක් කර ගෙන යෑම මා හට අපහසුය එබැවින් මා මෙම සියළු වගකීම් වලින් මිදීමට තීරණය කළෙමි". ( I have found it impossible to carry the heavy burden of responsibility and to discharge my duties as King as I would wish to do without the help and support of the woman I love) මෙලෙස රජ කම අත් හරින ඔහු සිය පෙම්වතිය වන "Wallis Simpson" හා අතිනත ගන්නේ 1937 ජුනි මස 3 වන දිනයි. රජ පවුල විසින් ඇයව පිළි නොගත් බැවින් ඔවුන් දෙපළ ප්‍රංශයට ගොස් ජීවත්විය. එඩ්වර්ඩ් ඇල්බර්ට් 1977 වසරේ මැයි 28 වන දින වයස අවුරුදු 77දී මිය යන අතර ඔහුගේ සදාකල් පෙම්වතිය වූ "Wallis Simpson" 1986 වසරේ අප්‍රේල් 24 වන දින මෙලොවින් සමු ගනී. පසු කාලීනව ඔවුන්ගේ මෙම ප්‍රේම වෘතාන්තය විවිද නිර්මාණ සඳහා පාදක විය.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators