Thursday, July 17, 2014

රුසියානු වීරයා Vasily Zaytsev

දෙවන ලෝක යුද සමය පැවති 1942 වසරේ සීත සෘතුවේදී ජර්මානුවන් විසින් රුසියානු සමුහාණ්ඩුව ආක්‍රමණය කරනු ලබයි.එම වසරේ නොවැම්බර් 10 සිට දෙසැම්බර් 17 දක්වා කාලය යනු රුසියාවේ "ස්ටාර්ලින් ග්‍රාඩ්" ප්‍රදේශයේ දරුණු ගැටුම් ඇති වූ වකවානුවයි. "ස්ටාර්ලින් ග්‍රාඩ්" කඩා වැටීමේ අවධානමක් වූ අතර සමස්ථ රුසියානු රතු හමුදාව සිය මවු බිම ගලවා ගැනීමේ සටනේ කෙළවරකට පැමිණ සිටියෝය. මෙම සටනේදී රුසියානු හමුදාවට මහා හිසරදයක් වුයේ ජර්මානු පළපුරුදු sniper කරුවන් රුසියානු රතු හමුදාවේ ඉහල නිලදාරීන් තම ගොදුරු බවට පත් කර ගැනීමයි. එබැවින් ඊට මුහුණ දිය හැකි පළපුරුදු වෙඩික්කරුවන් සොයා ගැනීම රුසියානු හමුදාවන්ට අභියෝගයක් විය.
     මේ අතරතුර කාලයේදී Eastern Front (නැගෙනහිර පෙරමුණේ) යුද්ධයේ යෙදී සිටින නවක සෙබළුන් අතුරින් එක් හමුදා සෙබලෙකු හදිසියේම මතුවන්නේ sniper කරුවෙකු සතු හැකියාව ප්‍රකට කරමිනි.ඔහු නමින් Vasily Zaytsev නම් විය. එවක රුසියානු රතු හමුදාවේ ඉහල නිලධාරියෙකු වූ පසු කලෙක රුසියානු ජනාධිපති වූ "නිකිතා කෘෂෙව්" විසින් මෙම තරුණ Vasily Zaytsev ව පුර්ණකාලින sniper කරුවකු ලෙස බඳවා ගනී. එතැන් පටන් සාර්ථක sniper කරුවකු ලෙස ඔහු රුසියානු සමුහාණ්ඩුවට සේවය කරයි. එම කාලය තුළ ඔහු ප්‍රතිවාදී ජර්මානුවන් 225 ක් විනාශ කොට ඇති අතර ඉන් 11 ක්ම පළපුරුදු ජර්මානු sniper කරුවන්ය. 1942 සිට 1943 අතර කාලයේ 400ක් පමණ වූ ප්‍රතිවාදීන් මොහු විසින් විනාශ කරනු ලබයි. ඔහුගේ ඉලක්කය බොහෝ විට මීටර් 1000කට වඩා වැඩි ඒවා විය.
    ඔහු අතින් මිය ගිය ජර්මානු sniper කරුවන් අතර Erwin König නම් ජර්මානු ජාතික sniper පුහුණුකරුවාද වේ. ඔහු සිය රට වෙනුවෙන් කළ සේවාව උදෙසා 1943 වසරේ ඔහු රුසියානු වීරයා (Hero of the Soviet Union) සම්මානයෙන් පිදුම් ලබයි. විලියම් ක්‍රෙග්ගේ "Enemy at the Gates: The Battle for Stalingrad " කෘතිය ඇසුරෙන් 2001 වසරේ Enemy at the Gates නම් සිනමා පටය බිහි වන්නේ Vasily Zaytsevගේ ජීවිත කතාව ඇසුරෙනි.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators