Saturday, July 5, 2014

හුදෙ "කලාවට" ඉඩ දී............

හුදෙ "කලාවට" ඉඩ දීමට මම තීරණය කළෙමි. හුදෙකලාව කලාවක්ද? මම මගෙන්ම අසා ගනිමි.ඔව් හුදෙකලාව තුළත් කලාවක් තිබිය හැක.හුදෙකලාව යන පදය තුළම කලාවක් ගැබ් වී ඇත.හුදෙකලාවේ වෙසෙන කල කලාව හොඳින් රස විඳිය හැක.එය අසීමාන්තික ලෙස විඳ ගත හැක.සීමාකිරීම් නොමැති,බාධා කිරීම් නොමැති වපසරියක හිඳ හුදෙකලාව තුළ නිර්මාණ බිහි කිරීමට ඉඩ ඇත.එසේනම් එය කලාවකි .ඔබට හුදෙකලාව විඳවීමක් වන විටෙක එය විඳීමක් කර ගන්න.ඒ සඳහා "හුදෙකලාව" හුදෙක් "හුදෙකලාවම" නොකොට "කලාවක්" ලෙස විඳින්න......

                           අයේෂ්  ඩිෂාන්  ලියනගේ 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators