Tuesday, July 15, 2014

ඉතිහාසය සසල කළ කවියා.......



ස්පාඤ්ඤ ජාතික මහා කවි ෆෙඩ්රිකෝ ගර්ෂියා ලොර්කා 1898 වසරේ ජුනි මස 5 වැනිදා ස්පාඤ්ඤයේ "අන්දලුසිය" නම් ප්‍රදේශයේ "GRANADA" හි "FUENTE VAQUEROS" නම් කුඩා ගමක මෙලොව එළිය දකී. ස්පාඤ්ඤ ඉතිහාසයේ කීර්තිමත්ම කවියා ලෙස සලකන ලොර්කා නාට්‍යකරුවෙකු,චිත්‍රශිල්පියෙකු,සංගීතකරුවෙකු සහ නළුවෙකු ලෙස සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලා කරුවෙකි.
       ලෝර්කාගේ නිර්මාණ මෙරට නිර්මාණකරුවන්ටද,ප්‍රේක්ෂකයන්ටද අමුත්තක් නොවන්නේ ඔහුගේ "YERMA" වැනි නාට්‍ය මෙරට වේදිකාව තුළද නිරූපිත වූ බැවිනි. ස්පාඤ්ඤ සාහිත්‍ය,කලාවේ ස්වර්ණමය යුගයක් ලෙස සලකන 1868 හා 1936 කාලය තුළ බිහි වූ නිර්මාණකරුවෙකු ලෙස ලෝර්කා බිහිකළ නිර්මාණ සමස්ථ ලෝකය පුරා ප්‍රකට වුයේ ඉතා කෙටි කාලයක් තුළයි.
   ලෝර්කා සාමාන්‍ය ජීවිතය තුළ වුවද මානුෂවාදී හිතහොඳ මිනිසෙකු වූවේය. ඔහුගේ කතා විලාසය තුළ ගැබ් වූයේද කාව්‍යමය ස්වභාවයකි. සාම්ප්‍රදායික ස්පාඤ්ඤ අහිකුන්ඨික(Gypsy) ජීවිත ගැන කාව්‍ය ලිවීමට ඔහු වැඩි වශයෙන් ආශා කළේය. 1914 වසරේ "ග්‍රනාඩා" විශ්ව විද්‍යාලයෙන් "දර්ශන විද්‍යාව,භාෂාව සහ නීතිය හැදෑරීමත් ඔහුගේ සමකාලීනයන් වන "සැල්වදෝර් ඩාලි","පැබ්ලෝ නෙරුඩා" වැනි බුද්ධිමතුන්ගේ ඇසුරු කිරීමත් ඔහුගේ නිර්මාණ පෞර්ෂය ගොඩනැගීමට බලපාන ලදි. "MEMENTO", "LA GUITARRA" "ASESINATO" නම් කාව්‍ය ලෝ ප්‍රකට වූ අතර "YERMA", "PINEDA" වැනි උසස් නාට්‍ය නිර්මාණ ලෝකය සසල කළේය.
    කෙසේ වෙතත් ලොව විසු බහුතරයක් මානව හිතවාදී කලාකරුවන්ට උරුම වූ අකාලික මරණය ගර්ෂියා ලෝර්කාටද එසේම උරුම විය. 1936 වසරේ අගෝස්තු මස දිනෙක ස්පාඤ්ඤ ජනරජයට විරුද්ධ පැසිස්ට් කැරලිකරුවන් එරට ප්‍රගතිශීලීන් සොයමින් ඝාතනය කළ දිනයන්හි "සියෙරා නෙවාඩා"හි පාළු පෙදෙසකට පැහැරගෙන යන ගර්ෂියා ලෝර්කා වදබන්ධනයට ලක් කොට ඝාතනය කරනු ලබයි. ඔහුගේ මළ සිරුර හෝ භාෂ්මාවශේශයක්වත් අද වනතුරුත් හමු වී නොමැත.


1 comment:

  1. Ayesh Keep up the good work...............

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators