Saturday, July 5, 2014

පර්සි බයිෂ් ෂෙලී

ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික කවියා "ෂෙලී" යනු අපූර්ව ගති පැවතුම් සහිත පුද්ගලයෙකු විය.ඔහුගේ විවාහය පවා  වුයේ තරමක වෙනස් ආකාරයකටයි.ෂෙලී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ඔහු තුල වූ අදේවවාදී අදහස් හේතුකොටගෙන විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපනු ලබයි.ඒ වන විට ඔහු වයස 19ක කොලු ගැටයෙකි."හැරියට්" නම් කාන්තාව ඔහුට මුණ ගැසෙන්නේ මෙම කාල වකවානුවේදීය. ඇය පාසල් යාමට දැඩි අකමැත්තක් දැක්වූ තරුණියකි.ඇය තමාට ගැලපෙනම තරුණිය යැයි සිතූ ෂෙලී ඇය හා විවාහ වේ.ඔවුන් ස්කොට්ලන්තයට පිටත්ව ගොස් ජීවත් වන නමුත් පසු කලෙක "මේරි" නම් තරුණියක හා ෂෙලී හාදකමක් ඇතිකර ගනී. මෙයින් සිත් තැවුලට පත් වන ඔහුගේ කලින් බිරිඳ "හැරියට්" ඔහුගෙන් වෙන්ව ජීවත් වේ.නමුත් ෂෙලී හට කල් ගත වත්ම ඇය පිළිබඳව කණගාටු සිතී ඇයව සොයා පැමිණෙයි. එහෙත් ඒ වන විටත් "හැරියට්" තේම්ස් නදියට පැන සිය දිවි තොර කරගෙන හමාරය. එම සිදුවීම "ෂෙලී" හට තදින් සිතට දැනුණු අතර ඔහුගේ ඇතැම් කාව්‍ය සඳහාද මෙම සිදුවීම දැඩි බලපෑමක් සිදු කරන ලදී.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators