Wednesday, July 16, 2014

"ඇග්නස්ට" පෙම් කළ "හෙමිංවේ"

අර්නස්ට් හෙමිංවේ නම් ඔහු 20 වන සියවසේ ඇමරිකාවෙන් බිහිවූ විශිෂ්ටතම ගණයේ ලේඛකයෙකු ලෙස සලකන්නේ 1954 වසරේ ලේඛනය සඳහා වූ "නොබෙල් සම්මානයද" ලබා ගැනීමට සමත් වූ නිසාමය.ලේඛකයෙකු ලෙස සිය ප්‍රතිභාව ලෝකය හමුවේ ප්‍රකට කලද, සදාකාලිකව ඔහු එක් ප්‍රේමයක් නිසාවෙන් දුක් විඳි අහිමි පෙම්වතෙකු වූ බව ලොවට අප්‍රකට කරුණක් විය.
        එවක පළමු ලෝක යුධ සමයයි.පාසල් ජීවිතය හමාර කොට 19 වන වියේදී ඔහු ඉතාලිය බලා පිටත් වන්නේ රතු කුරුස සංවිධානයේ ගිලන් රථ රියදුරෙකු ලෙසයි.මෙසේ කල් ගත වන විට යුධ පෙරමුණේදී හෙමිංවේ ප්‍රහාරයකට මැදිව තුවාල ලබන අතර මිලාන් නුවර වූ රතු කුරුස රෝහලකට ඔහුව ඇතුලත් කරනු ලබයි.තරුණ ඇග්නස් හෙදිය ඔහුට හමුවන්නේ මෙම රෝහලේදීය. හෙමිංවේට වඩා වසර 7කින් වැඩිමල් ඇයගේ සම්පුර්ණ නම වූයේ "ඇග්නස් වොර්න්"ය. ඇයගේ ආකර්ශනීය භාවයටත් සුහදශීලී භාවයටත්,ඇය අගය කළ කලාකාමී බවටත් පෙම් කළ හෙමිංවේ ඇය හා පෙමින් බැඳුනේය.ඉතාලියේ ඔවුන් ගත කළ කාලය පුරාවට ඔවුනොවුන් ඉතා සතුටින් කල් ගත කළහ.සිය රාජකාරි අවසන් වූ හෙමිංවේ හට අකමැත්තෙන් වූවත් පෙරලා මව් රටට පැමිණීමට සිදු වූ අතර එය ඔවුන් දෙපළටම දරා ගත නොහැකි දෙයක් විය.නමුත් ඔවුන් ලිපි ගනුදෙනු හරහා සිය ප්‍රේමය හුවමාරු කර ගන්නා ලදී.නමුත් සියල්ල කණපිට පෙරලෙන්නේ "ඇග්නස්" විවාහ වීමට යන බව දන්වා හදිසියේම හෙමිංවේ වෙත එවනු ලබන ලිපියත් සමගයි.ඇයගේ මේ හදිසි වෙනස පිළිබඳව ඔහුට අදහා ගත නොහැකි වේ. ඒ වන විට ඔවුන් අතර ආදර පෙම් පත් 52ක් පමණ හුවමාරු වී තිබුණි.
    "ඇග්නස්" වුවද පාලනය කරගත නොහැකි කිසියම් හේතුවක් මත හෙමිංවේගෙන් වෙන් වුවද ඇයගේ විවාහය සාර්ථක විවාහයක් වුයේ නැත. හෙමිංවේ පසු කලෙක විවාහ කිහිපයක්ම සිදු කරගත් නමුත් ඒවාද දික්කසාදයෙන් කෙළවර වූ ඒවා විය.ඇග්නස් පිළිබඳ වූ මතකය සදාකාලිකවම ඔහුගේ හදවතේ තැන්පත් වූවක් විය. තමාට සැබෑ ජීවිතයේදී හිමි කරගැනීමට නොහැකි වූ ප්‍රේමය සිය නිර්මාණයක් තුළ යථාර්තයක් කරමින් "A Farewell to arms" නම් කෘතියක් රචනා කරනුයේ එහිදී එම පෙම්වතුන් එකතු කරමිනි.විචාරකයන්ද මෙම කෘතිය උසස් ආදර කතාවක් බව පැවසීය.
      ආදර සබඳතාවේ බිඳ වැටීමත් සමග හෙමිංවේ බීමට ඇබ්බැහි විය.ඇග්නස්ද අසාර්ථක විවාහ කිහිපයකට පසු ස්ටෑම්ෆීල්ඩ් නම් අයෙකු හා විවාහ වී මරණය තෙක්ම දිවි ගෙවීය.වෘතීය තුළ විශාල කැප කිරීමක් කළ ඇය 1984 වසරේ රාජ්‍ය ගෞරව මැද මෙලොවින් සමු ගත්තාය. නමුත් ඊටත් වසර 23කට පෙර ඇයගේ සදාකාලික පෙම්වතා වූ හෙමිංවේ තමා විසින්ම වෙඩි තබාගෙන සිය දිවි තොර කරගෙන සිටියේය. ඔහු මිය ගිය අවස්ථාවේත් ඔහුගේ යහන මත ඊට වසර ගණනාවකට පෙර "ඇග්නස්" ඔහුට එවන ලද පෙම් පත් තිබී හමු විය....... එය නිම නොවූ ආදරයක්ම විය.

                        හෙමිංවේ තුවාල ලබා සිටි සමයේ ඇග්නස් සමග

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators