Sunday, July 6, 2014

ස්නේහයේ නගරය...........

තරුණයෙක් සිය පෙම්වතියට පවසනවා මාගේ හදවත තුළ රාගයෙන් තොර වූ අධ්‍යාත්මීය ආදරයක් සඳහා ඉඩක් ඇති බව,ඔහුට පෙරලා පිළිතුරු දෙන පෙම්වතිය අසන්නේ "වන්දනාවක් යන සේ පවිත්‍ර වූ එවන් ඉසවුවක් වෙත ඔබ හා පැමිණෙන්නට මාත් කැමතියි.ඒත් එය ඇත්තේ කොතැනකද කියාය."

අමරසිරි පීරිස් සහ මැණික් ජයසේකර යන දෙපල ගායනා කරන මෙම ගීතයේ පද රචනය හේමසිරි ගුණතුංගයන්ගේ වන අතර සංගීතය රෝහණ වීරසිංහයන්ගේය.සමස්ථ ගීතය තුළ අධ්‍යාත්මිය වූ ප්‍රේමයක වන ප්‍රහර්ෂය මැනවින් පෙළ ගස්වා ඇත.රාග මූලික ප්‍රේමය පිරි ලොවක අධ්‍යාත්මය මූලික කොට ගත් ප්‍රේමයකට ඇති ඉඩ කොතැනකද කියා ගීතය අපගෙන් ප්‍රශ්න කරයි.

ස්නේහයේ නගරයයි සිත මගේ

මාවතක් හෝ නොවූ රාගයේ

වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්

කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

යෞවනේ නිල් නුවන් සේ රැඳී

රන් මලක් වේද හද සල් වනේ

නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා

රන් සිනා පාමි පූජාසනේ...

ස්නේහයේ නගරයයි සිත මගේ...
මේ නවාතැන් ගෙවා ආත්මයේ

යනතුරා මිලින වී මතු දිනේ

සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං

පූජනීයයි උතුම් ආදරේ...


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators