Saturday, July 5, 2014

Savior

"Savior" කියන්නේ ගැලවුම්කරුව. බොස්නියානු සිවිල් යුද්දය ගැන ඔබ අහලා ඇති.ආගමික අන්තවාදීන් දෙපිරිසකගේ ගැටුමක් මීට මුල් වෙනවා.නමුත් මෙයින් අසරණ වන්නේත් මිය යන්නෙත් සාමාන්‍ය සිවිල් ජනයා. සංඛ්‍යා ලේඛන වලට අනුව ගත්තට පස්සේ මේ ගැටුමෙන් වැඩි වශයෙන් මිය ගොස් තිබෙන්නේ කුඩා දරුවන්.මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ ඇමෙරිකානු සොල්දාදුවෙක්.ඔහුගේ දරුවා සහ බිරිඳ අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් මිය යාම නිසා ඔහු බොස්නියානු යුද්ධයට සහභාගී වන්නේ හුදෙක් පලි ගැනීමේ චේතනාවෙන්.මෙහි ගොස් යුද වැදෙන අතරතුර ඔහුට හමුදා සොල්දාදුවෙකුගේ අතින් ගැබ්බර වූ තරුණියක හමු වෙනවා. තමා සමගම සිටින සොල්දාදුවෙකු අතින් දූෂණයට ලක්ව සිටි මෙම තරුණියව එම සෙබලා විසින්ම ඝාතනය කිරීමට යාමේදී ඔහු ඇයව බේරා ගන්නවා. එම අවස්ථාවේ ඇය තම දරුවා බිහි කරනවා.ඒ දරුවා ගැහැණු දරුවෙක්.දරුවා බිහි කිරීමට ඇයට සහය වන්නේ මෙම සෙබළා.නමුත් මෙම තරුණ මව තම දියණියට සෙනෙහස දක්වන්නේ නෑ.මොකද ඇය දූෂණයක ප්‍රතිඵලයක් නිසා....අඩුම තරමේ තම දියණියට දීමට තරම් කිරිවත් ඇයගේ දෙතනට එරෙන්නේ නෑ.කෙසේ හෝ මෙම තරුණ මව සහ කුඩා ළදැරිය ආරක්ෂිතව රතු කුරුස සංවිධානයට බාර දීමේ වගකීම මෙම සෙබලා කරට ගන්නවා. මරණය පෙනෙන මානයේ ඔහු ඇය සහ දරුවා රැගෙන පිටත් වෙනවා.....මේ ගමන අතරතුර ඇයට තම දියණිය ගැන දාරක ස්නේහය ඇති වෙනවා. හඬන දරුවාට දීමට කිරි ඇයගේ දෙතනට උරනවා. මරණය පෙනී පෙනී ඔවුන් ගමන් කරනවා....... අවසානය පැවසුවහොත් එහි වටිනාකම නැති වෙන නිසා ඔබම එය නරඹන එක හොඳයි... සංගීත භාවිතාව අතිශයින් සංවේදී ලෙස යොදා තිබෙනවා. සර්බියානු ජන සංගීතයේ එන දරු නැළවිලි ගීය ඇසට කඳුලක් ගේනවා..... නරඹන්න "Savior"....



No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators