Monday, July 14, 2014

ආදරණීය හිල්දිතා දුවේ



ලෝ ප්‍රකට විප්ලවවාදියා "චේ ගුවේරා" සිය වැඩිමහල් දියණිය හිද්දීතා හට සටන් බිමේ සිට ලියූ ලිපියකි.....

ආදරණීය හිල්දිතා දුවේ,

මේ ලියුම මම අද ලියනවා උනත් මෙය ඔයාට ලැබෙනකොට තව කාලයක් ගිහින් තියෙන්න පුළුවන්.ඒත් අද මම ඔබ ගැන සිතමින් ඉන්න බවත් ඔබගේ උපන් දිනය වෙනුවෙන් හදවතින්ම සුබ පතන බවත් මතකයේ තබා ගන්න.දැන් ඔබ ලොකු කෙල්ලක්.ඉතින් පොඩි දරුවෙකුට ලියනවා වගේ බොළඳ දෙයක් ඔබ වෙනුවෙන් ලියන්න මට අද බැහැ.
ඔයාගේ තාත්තා මේ අවස්ථාවේ ඉන්නෙත් ගොඩක් ඈත සතුරන්ට එරෙහිව සටන් වදිමින්.ඒ නිසා අපට තව කාලයක් මේ විදිහට ඈත් වෙලා ඉන්නට සිදු වේවි.මම කරන්නේ මහා විශාල දෙයක් නොවූවත් මම යමක් කරමින් සිටිනවා.මම අද ඔයා ගැන ආඩම්බර වෙනවා වගේම මම හිතනවා ඔබටත් ඔබගේ පියා ගැන ආඩම්බර වෙන්න පුළුවන් කියලා.මතක තියාගන්න අප මේ ගෙන යන අරගලය තව බොහෝ කලක් පවතීවි.ඔබ වැඩිමහලු ගැහැනියක වූ පසුවත් මේ අරගලය වෙනුවෙන් කැප වෙන්න.ඒ වෙනුවෙන් ඔබට කල හැකි යුතුකම ඉටු කිරීමට සූදානම් වන්න.නමුත් ඊට පෙර ඔබ ඒ සඳහා සුදානම් විය යුතුයි.සැබවින්ම විප්ලවකාරී විය යුතුයි.

ඔබගේ වයසේදී විප්ලවකාරී වීම යනුවෙන් මම අදහස් කලේ හැකි පමණ හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදීමත් යුක්තිසහගත අරමුණු උදෙසා හැම විටෙකම කැප වීමත් යන්නයි.ඔබ දන්නවාද මම ජීවත් වුයේ මිනිසාට මිනිසා සතුරු වූ යුගයක.නමුත් අද ඔබ ඊට වඩා වෙනස් යුගයක ජීවත් වෙනවා.මේ යුගයට ඔබ වටිනා තැනැත්තියක් විය යුතුමයි.
ඒ වගේම ගෙදර දොර කටයුතු ගැනත් බලන්න අමතක කරන්න එපා.අනෙක් සහෝදර සහෝදරියන් ගැන සෙවිල්ලෙන් ඉන්න.ඒ යට හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදෙන ලෙසත් කීකරුව යහපත්ව ඉන්න ලෙසත් ඔවුනට අවවාද කරන්න.ඒ සඳහා දැන් ඔබට අයිතියක් තිබෙනවා මෙන්ම එය ඔබේ වගකීමක්.

එහෙනම් ලොකු කෙල්ලේ ඉතා ප්‍රීතිමත් උපන් දිනයකට මම ආයෙත් ඔබට සුබ පතනවා.මා වෙනුවෙන් පවුලේ සැම සිප ගන්න.නැවත අප හමු වන තුරු මෙන්න මගෙන් ලොකු හාදුවක්.

ඔබේම පපා


චේ තම දියණිය හිල්දිතා කුඩා කාලයේ

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators