Thursday, July 17, 2014

Boney M

70 දශකයේ ලෝ ප්‍රකට වූ "ඩිස්කෝ" කලාව තුළ පෙරළියක් කළ සංගීත කණ්ඩායම Boney M විය. මෙම සංගීත කණ්ඩායමේ උපත සිදු වන්නේ බටහිර ජර්මනිය තුලයි. ජර්මානු සංගීත නිර්මාණශිල්පියෙකු වන Frank Farianගේ මග පෙන්වීම මත මෙම කණ්ඩායම බිහි වන්නේ ගායක ගායිකාවන් 4 දෙනෙකුගේ එක් වීමෙනි. ලීස් මිෂෙල්, මර්ෂියා බැරට්, මයිසී විලියම්ස් යන තරුණියන්ද,එකම පුරුෂ නියෝජනය ලෙස බොබී ෆෙරල්ද මේ කණ්ඩායම නියෝජනය කළහ. ඩිස්කෝ සංගීත කලාව තුළට නව රිද්මයක් ගෙනෙමින් ඔවුන් සිය ප්‍රථම ඇල්බමය ලෙස "Take the Heat off Me" 1976 වසරේ නිකුත් වෙයි. 1976 වසරේ සැප්තැම්බර් 18 වන දින ජර්මනියේ සජීවී සංගීත ප්‍රසංගයකදී ඔවුන් ඉදිරිපත් කරන "Daddy Cool" ගීතය එක් දිනකින් ජර්මනියේ සංගීත වැඩසටහන් වල ගීත දර්ශකයන්හි අංක 1 විය. තවද එය යුරෝපාකරය,ඇමරිකාව සහ අනෙකුත් ආසියානු හා අප්‍රිකානු රට වලද රැල්ලක් ලෙස ප්‍රචලිත විය. ඔවුන්ගේ Rasputin ,Ma Baker, Belfast, Rivers of Babylon/Brown Girl in the Ring, Sunny, Hooray! Hooray! It's a Holi-Holiday ගීත ලොව පුරා අතිශයින් ජනප්‍රිය විය. මෙම සංගීත කණ්ඩායම 1990 දශකය වන තෙක් ක්‍රියාකාරී සංගීත කණ්ඩායමක් ලෙස ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. "මර්ෂියා බැරට්" හට පිළිකාවක් වැළදීමත් සමග ඔවුන් සිව් දෙනා එක්ව කළ ඉදිරිපත් කිරීම් සීමා විය.පසු කාල වල ඔවුන් වරින් වර එක්ව ප්‍රසංග පැවැත්වූවත් එහි ආරම්භක සාමාජිකයින් නොමැති අඩුව ඒවායේ කැපී පෙනුනි. Bonny M හි සිටි කැපී පෙනෙනම ඉදිරිපත්කරන්නා වූ "බොබී ෆෙරල්" 2010 වසරේ රුසියාවේ පැවති සංගීත සංදර්ශනයකට ගොස් සිටින අතරතුර මිය යන්නේ 70 දශකයේ Bonny M මතකය ලොව පුරා රසිකයන්ගේ හදවත් තුළ සදානුස්මරණය කරමිනි.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators