
දශක ගණනාවකට පෙර ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයට දැඩි හිම පතනයක් ඇදහැලුනු සැන්දෑවකි. එක්තරා මහළු මිනිසෙකු ගංගාවක් අසල වූ පාලමක් අසල රැඳී සිටියේ දැඩි හිම පතනයේ එම පාලමෙන් එහා ඉවුරට යා ගත නොහැකිවයි. ඔහු හිම කබායෙන් සිරුර ආවරණය කොටගෙන සිටියේ කුණාටුවෙන් ආවරණය වීමටයි. මද වේලාවක් ගත වීමෙන් පසුව එම මාවතේ අශ්ව කරත්ත කිහිපයක්ම පැමිණියා. පළමු අශ්ව කරත්තය ඔහුව පසුකොට ගියේ ඔහු දෙසවත් නොබලමින්. දෙවන අශ්ව කරත්තයත් ඔහුව පසු කළා. තවත් අශ්ව කරත්ත කිහිපයක්ම ඔහුව පසු කර ගියත් ඔහු එම කිසිම අශ්ව කරත්තයක් නැවත්වීමට උත්සහයක් ගත්තේ නැත. අවසානයට පැමිණෙන අශ්ව කරත්තය දුටු මෙම මහළු මිනිසා එම අශ්ව කරත්තයට අත යොමු කරයි.ඔහු අශ්වාරෝහකයාගෙන් විමසා සිටිනවා "කරුණාකර ඔබට පුලුවන්ද මාව මේ පාලමෙන් එහා ඉවුරට ගෙන යන්න? මට ඇවිද යාම අපහසුයි" එම ඉල්ලීම කාරුණිකව පිළිගත් එම අශ්වාරෝහකයා ඔහුට එම කරත්තයට නැගීමටත් උපකාර කරනවා. අනතුරුව ඔහුව එම පාලමෙන් එගොඩ කරන අශ්වාරෝහකයා මෙම මහළු මිනිසාව ඔහුගේ නිවසටම රැගෙන ගොස් හැරලනවා.එහිදී අශ්වාරෝහකයා ඔහුගෙන් ප්‍රශ්නයක් අසනවා " අර තරම් අශ්වරථ ඔබව පසුකොට ගියත් ඔබ ඒ එක් අයෙක්වත් නවතන්නට උත්සහ කලේ නෑ.නමුත් ඔබ මාගෙන් උදව් ඉල්ලා සිටියා.හේතුව කුමක්ද?" අශ්ව කරත්තයෙන් බිමට බසින මහලු මිනිසා මෙසේ පවසා සිටිනවා. " මම මහළු මිනිසෙක් නිසා අනෙක් අයව අවබෝද කරගැනීමට මට හොඳින් පුළුවන්.ඔවුන්ගේ මුහුණු වල අනෙකා වෙනුවෙන් වූ අනුකම්පාවක සේයාවක් හෝ මම දුටුවේ නෑ. නමුත් ඔබ තුල මා විශේෂත්වයක් මා දුටුවා. ඔබගෙන් මා හට උපකාරයක් ලබා ගත හැකි වේ යයි මට දැනුනා" යයි ඔහු පැවසුවා. මද වේලාවක් සිටි අශ්වරථකරුවා මෙසේ පවසනවා " සමහරවිට මා හට වුවත් මාගේ කාර්යබහුල බව නිසාම අනෙකා පිළිබඳව අවධානය යොමු කිරීමට වන අවස්ථා අඩුයි. නමුත් ඔබ පැවසු පරිදි කාරුණික හදවතක් ඇති අයෙකුගේ පෙනුම පවා ඉන් කොයි තරම් වෙනස් කරනවාද? ඔබට බොහොම ස්තුතියි" කියා පැවසූ ඔහු මහළු මිනිසාට ආචාර කර පිටත්ව ගියේය. එම මහළු මිනිසා පසුව දැනගනු ලබනවා එම රාත්‍රියේ තමාව නිවසටම ගෙනවිත් හැරලූ එම පුද්ගලයා එවක ඇමරිකානු ජනපති "තෝමස් ජෙෆර්සන්" බව....

No comments:
Post a Comment