Sunday, September 7, 2014

"Baraka" - ලෝකය දෙස විමසිල්ලෙන්

  කවුළුවේ අප හැම විටකම ලෝකය දෙස විමසිල්ලෙන් බැලීමට මෙන්ම ලෝකය සංවේදීව දැකීමට උත්සාහ කරනවා. ඒ හේතුව නිසාම කෙටි කාලයක් තුළ අප වටා සැලකිය යුතු මට්ටමක පාඨක පිරිසක් එක් රොක් වූ අතර ඔවුන්ද වෙනස් මානයකින් ලෝකය දැකීමට රිසි පිරිසක් බව අපගේ විශ්වාසයයි. මේ ලිපිය ඔස්සේ මා ඉදිරිපත් කරන්නේ 1992 වසරේ නිකුත් වූ වාර්තාමය චිත්‍රපටයක් පිළිබඳවයි. නමින් "Baraka" නම් වන මෙය "Non vocal Documentry" නැතිනම් පසුබිම් කථනයක් භාවිතා නොකරන වාර්තාමය චිත්‍රපටයක් ලෙස දැක්විය හැකියි. ලෝකය සහ මිනිසුන් පිළිබඳව අතිශය සුක්ෂම භාවයකින් මෙම සිනමා පටය ගොඩ නගා ඇති අතරම එය ප්‍රේක්ෂකයාගේ හදවතට ආමන්ත්‍රණය කළ හැකි පරිදි නිමවා තිබීම එහි ඇති විශේෂත්වයයි. ස්වභාදහම සමග සතා සිව්පාවාට ඇති සබැඳියාව, ආගම දහම හරහා මිනිස් ජීවිත හික්මවූ ආකාරය මෙන්ම මිනිස් ජීවිතයේ වන සංකීර්ණ ස්වභාවය මෙම සිනමා පටයේ අධ්‍යක්ෂවරයා සිය වස්තු විෂයන් ලෙස භාවිතා කොට ඇත. සිනමා පටයට යොදා ගෙන ඇති සංගීත භාවිතාව අතිශය විශිෂ්ට මට්ටමක පවතින අතර හැම විටකම මිනිස් ජීවිතය පිළිබඳව අනුකම්පා සහගත දෘෂ්ටියකින් දැකීමට උත්සාහ දරා ඇත. මිනිස් ජීවිතයක් දරනා වූ අනේකවිද දුක්ඛ දෝමනස්සයන් නිරූපණය සංගීත භාවිතාව හරහා තිව්‍ර කරන්නේ ඇසට කඳුලක් නැගිය හැකි සංවේදී භාවයකින්. මෙම නිර්මාණයේ සංකල්ප නිර්මාණය සහ අධ්‍යක්ෂවරයා වන්නේ Ron Fricke. ඔහු විසින් 2011 වසරේද "Samsara" නමින් මේ ආකාරයේම වාර්තා චිත්‍රපටයක් නිකුත් කරන ලදී. ඔබත් නරඹන්න "Baraka"
                                                      පූර්ව ප්‍රචාරක පටය 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators