Wednesday, September 17, 2014

කළු වත හැඳි කත

     විසි දෙහැවිරිදි ඇය මනා රූ සපුවකට උරුමකම් කීවාය. ඈ සතු වූ රූප කාය නිසාවෙන්ම "හොලිවුඩයේ" සිනමා පට වල කුඩා අතිරේක චරිත සඳහාද ඇය තෝරා ගනු ලැබිණ. අතිරේක චරිත සොයා ගියද ස්ථිර රැකියාවක් ඈ හට හිමි නොවීම නිසා අතට හසුවන ඕනෑම රැකියාවක් කිරීමට ඇය සුදානමින් සිටියාය. දිවා කාලයේ ආපන ශාලාවක වේටරවරියක ලෙස සේවය කළ ඇය රාත්‍රී කාලයේ සමාජශාලා නළඟනක් ලෙස කටයුතු කරන ලදී. කෙසේ වෙතත් ඇයගේ පෞද්ගලික ජීවිතය එතරම් සාර්ථක එකක් නොවීය. ඇයගේ ජීවිතයට ලං වූ කිසිම සහකරුවෙක් ඈ සමග වැඩි කාලයක් රැඳුනේ නැත. ඇතැමෙක් ඇයව හැර ගිය අතර ඇතැමෙක් අකාලයේ මිය ගියේය.

ඇයගේ ජීවිතයේ වූ මේ ආකාර කඩා වැටීම සමග ඇය වෛශ්‍යාවකගේ තත්වයට ඇද වැටුන අතර බීමටද ඇබ්බැහි විය. ඇයගේ වූ විශේෂත්වය නම් සෑම විටෙකම කළු පැහැති ඇඳුමින් සැරසී සිටීමට ඈ දැක්වූ රුචිකත්වයයි. සෑම විටෙකම කළු පැහැති ඇඳුමින් සැරසී සිටි බැවින් මිනිසුන් ඇයව "බ්ලැක් ඩාලියා" යන නමින් හඳුන්වන්නට යෙදුනි. ඇයද එම නමට කැමැත්තක් දැක්වූ අතර සැබෑ නම වූ "එලිසබෙත් ෂෝර්ට්" යන්න එතරම් භාවිතාවට ගනු නොලැබිණි.

මෙසේ ගත වූ ඇයගේ ජීවිතයට දුර්භාග්‍ය උදා වන්නේ 1947 වසරේ ජනවාරියේය. සමාජ ශාලාවේ සේවයේ යෙදී සිටි අතරතුර ඇය හිටිවනම අතුරුදහන් වන්නේ කිසිදු හෝඩුවාවක් නොමැතිවයි. ඇයගේ හිතවතුන් ඇයව සෙවූ නමුත් කිසිදු තොරතුරක් හමු වූයේ නැත. මේ අතරතුර ලොස් ඇන්ජලීස් නුවර පුවත් පතකට කිසිවෙකු එවන ලද අසාමාන්‍ය හෝඩුවාවක් නිසා පොලීසිය මේ පිළිබඳ විමර්ශනය කරයි. එම සටහන පුවත් පත් වල වචන කපා එවන ලද ලිපියකි. මේ අතරතුර ජනවාරි 15 දින නන්නාදුනන කාන්තාවකගේ විකෘති වූ මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගනී. එම මළ සිරුරේ කලව ප්‍රදේශයේ " B.D" ලෙස කෙටූ පච්චයක් විය. එමගින් පොලීසිය නිගමනය කරන්නේ මෙය "බ්ලැක් ඩාලියා"ගේ මළ සිරුර බවයි. මළ සිරුරේ ඇඟිලි සලකුණු පරික්ෂාවේදී ඒ බව සනාථ විය.

ඇයව ඝාතනය කොට තිබුනේ අතිශය කෘර ලෙසටය. ඉඟටිය අසලින් ඇයගේ සිරුර වෙන් කොට තිබු අතර මුහුණේද කැපුම් තුවාල රැසක් දක්නට ලැබුණි. ඇයගේ මරණය පිළිබඳව සැක පිට පුද්ගලයින් ගණනාවක්ම අත් අඩංගුවට ගනු ලැබුවද ඔවුන් කිසිවෙකුත් මෙම අපරාධයට සම්බන්ද නැති බව පසුව අනාවරණය විය. එලෙස අත් අඩංගුවට ගත් පිරිස වසර දෙකක් තුළ පනහකටත් වඩා වැඩි විය. කෙසේ වෙතත් "එලිසබෙත් ෂෝර්ට්" හෙවත් "බ්ලැක් ඩාලියා" ගේ මරණය අදටත් නොවිසිඳුණු අභිරහසකි. මෙම කතා වස්තුතය ඇසුරෙන් පසු කාලීනව සිනමා පට ගණනාවක් බිහි විය. 2006 වසරේ Brian De Palma විසින් අධ්‍යක්ෂණය කරන ලද "The Black Dahlia" සිනමා පටය ඔස්කාර් සම්මානය සඳහාද නිර්දේශ විය.

බ්ලැක් ඩාලියා



                                                   පුවත් පතට එවූ හෝඩුවාව 
                                                  මරා දමා තිබූ ආකාරය 
                                                 විකෘති කරන ලද ඇයගේ මුහුණ 
                                                   වසා දැමූ ඇයගේ සිරුර 

                                              2006 වසරේ නිකුත් වූ සිනමා පටය 

2 comments:

  1. Well that is so unfortunate.. when she was alive nobody cared.. but when she was killed brutally everyone started paying attention,, it is ironic how she never won her life but the movie which based on her life was nominated for Oscars..
    anyway your blog has really nice and interesting posts.. I don't really understand why there aren't lot of people reading this blog.. it is sad.. because they are missing a lot.. keep it up.. um gonna read every single post when I have time..
    cheers..!!! :)

    ReplyDelete
    Replies
    1. I extremely thankful for your appreciation... So retain with us. And you have a nice hermeneutics. good luck...!!!

      Delete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators