Thursday, September 4, 2014

ඉතිහාසයෙන් සිනමාවට...

1980 දශකයේ ලතින් ඇමරිකානු රටක් වන "එල් සැල්වදෝරයේ" සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මෙම සිනමා පටය නිර්මාණය කරන ලදී. එවක පැවති එල් සැල්වදෝර රජයේ අත්තනෝමතික පාලනය මිනිසුන් පීඩාවට පත් කරන්නක් විය. දේශපාලන ඝාතන, මාධ්‍ය මර්දනය සහ ප්‍රගතිශීලි පුද්ගලයින්ගේ අතුරුදහන් වීම් හරහා එම කාල පරිච්ජේදය තුළ එම රටේ මිනිසුන්ට සිය ජීවත ගෙවීමට සිදු වූයේ බියෙන් සහ සැකයෙනි. කොටින්ම කිවහොත් මෙරට 80 දශකයේ පැවති දේශපාලන අස්ථාවරභාවය හා සමාන තත්වයක් එරටද තිබී ඇත. කතෝලිකයන් බහුතරයක් වෙසෙන එම රටේ අලුතින් පත් වන "අග්‍ර රාජගුරු ප්‍රසාදීන් තුමා" හෙවත් ප්‍රදාන බිෂොප් වූ "ඔස්කාර් රොමේරෝ" හැම විටෙකම ජනතාවගේ පාර්ශවය නියෝජනය කළ උතුම් මිනිසෙක් විය. පාලක පන්තියේ අත්තනෝමතික පාලන තන්ත්‍රයට විරුද්ධව නොබියව සිය හඬ අවදි කළ එතුමන් ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූයේ නිතැතින්මය. මොහුගේ මෙම ක්‍රියා කලාපය එවක පැවති රජයට දරා ගත නොහැකි විය. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් මර්දනය කරමින් ආගමික ස්ථාන ආදිය විනාශ කරමින් යන ගමනේදී "ඔස්කාර් රොමේරෝ" රාජගුරු ප්‍රසාදීන් තුමාගේ ක්‍රියාකලාපය ඔවුනට මහත් බාධාවක් විය. ඔවුනට වූ එකම විසඳුම වූයේ එතුමන් නිහඬ කරවීම පමණි. අවසානයේ 1980 වසරේ මාර්තු මස ඉරිදා දින පූජාවක් අතරතුර පල්ලියේ අල්තාරය මත ආණ්ඩුවේ හමුදාවන් විසින් රාජගුරු ප්‍රසාදී වහන්සේ "ඔස්කාර් රොමේරෝ" වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ මුළු රටම හඬවමින්.       

පසුව ලියමි... - මේ ආකාරයටම ශ්‍රී ලංකාවේද 80 දශකයේ මොණරාගල බුත්තල ප්‍රදේශයේ ජීවත් වූ "මයිකල් රෝද්රිගුස්" නම් ජනතාවාදී පුජකතුමෙකු එවක පැවති ආණ්ඩුව විසින් ඝාතනය කරනු ලැබූ බවද සිහි කිරීමට කැමැත්තෙමි. අතිශය සරල ගති පැවතුම් වලින් යුතු වූ උන් වහන්සේ කතෝලික ජනයාට වඩා එම ප්‍රදේශවල ජීවත් වූ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර එම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා මෙන්ම ඒ වෙනුවෙන් හඬ නැගුවේය. හුදෙක්ම දුක් විඳින මිනිසුන් වෙනුවෙන් හඬ නැගූ එතුමන්ට ඒ වෙනුවෙන් වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දීමට එවක පැවති ආණ්ඩුව කටයුතු කරන ලදී. ඔස්කාර් රොමේරෝ මෙන්ම මයිකල් රෝද්රිගුස් පියතුමන්ද සිය පල්ලියේ අල්තාරය මත ඝාතනය කරන ලදී.



                                                           රොමේරෝ සිනමා පටය
                                                                 
                                                                      
                                                     මයිකල් රෝද්රිගුස්  පියනම
                                                                    
                                                 ඔස්කාර් රොමේරෝ  රාජගුරු ප්‍රසාදී වහන්සේ

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators