Wednesday, September 10, 2014

"සි හි න ය".........

  නූතන රුසියානු සාහිත්‍ය තුළ නවකතාවේ ආරම්භකයා "නිකොලොයි ගොගොල්" ලෙස ලෙස පිළිගන්නා විට නූතන රුසියානු කවියේ ආරම්භකයා ලෙස සලකන්නේ "ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ය". ගොගොල් සහ පුෂ්කින් සමකාලීනයන් ලෙස ඔවුනට පසුව පැමිණි ලේඛක පරම්පරාවට විශාල වශයෙන් සාහිත්‍යික පූර්වාදර්ශ සැපයීය. තෝල්ස්තෝයි,දොස්තොවුස්කි,ගෝර්කි සහ චෙකොව් පවා ඔවුන්ගේ අතීත මගපෙන්වීම තුළ නව මානයන් සොයා ගියවුන්ය.රුසියානූ සාහිත්‍යට පමණක් නොව ලොව පුරා සිටින ලේඛකයන් හට ඔවුන් සැපයූ පූර්වාදර්ශයන් ඔස්සේ ලෝක සාහිත්‍යයද පෝෂණය විය. මෙහි මා දක්වන්නේ මහගමසේකරයන් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ප්‍රකට රුසියානු කාව්‍යකි.

    "සි හි න ය".........

ජීවිතයේ දාහක් දුක් ගැහැට අතර
හෙම්බත් වී සිටිනා සඳ
ඔබේ දයාබර කටහඬ
මා අසලම මට ඇසුණේය.....

ඔබේ සොඳුරු වත දුටු බව
සිහිනෙන් මට පෙනුණේය
නිර්මල සුන්දරත්වයේ
පරමාදර්ශය සේ මොහොතක්
ඔබ මා දෑසට පෙනී ගියේය.......

ප්‍රමෝදයෙන් මා හද උතුරයි දැන්
ආදරයෙන් ජීවිතයෙන් හා
කඳුළෙන් ලද උද්වේගයත් සමග
දිව්‍යත්වයක් යළිත් මා ඇතුළත
පණ ලබා ඇත්තා සේ වැටහෙයි.........

ඇලෙක්සැන්ඩර් පුෂ්කින්

උපුටා ගැනීම: මහගමසේකරයන්ගේ "නොමියෙමි"

                                            ඇලෙක්සැන්ඩර් පුෂ්කින්

1 comment:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators