Saturday, September 13, 2014

සදාකාලික මනාලිය වූ ඇය - "Pascualita Esparza"


මෙක්සිකෝවේ "Chihuahua" ප්‍රදේශයේ සංචාරයේ යෙදෙන්නෙකුට දැකබලා ගත හැකි ඉතා පුදුම සහගත වූත්,ගුප්ත වූත් සිතට චකිතය ගෙන දෙන මනාලියන් හැඩගන්වන ස්ථානයක් පිළිබඳවයි මෙම සටහන. 1930 වසරේ මාර්තු මස 25 වන දින මෙම "La Popular" නම් මනාලියන් හැඩගන්වන ස්ථානයේ එක්තරා සිදුවීමක් සිදු වනවා. ජීවමාන සිටි මනුෂ්‍ය දුවක මනාලියක් ලෙස අන්දවන ලද ඩමියක් කොට එහි ප්‍රදර්ශනයට තබනවා. ඇය නමින් "පැස්ක්යූලීටා එස්පාර්සා" වන අතර ඇය අන් කවරෙකුවත් නොව එම ආයතනයේම හිමි කාරියගේ දියණියයි. ජනප්‍රවාදයේ එන අන්දමට ඇයව මෙහි තබනුයේ ඇයගේ මරණයෙන් පසුව වන අතර ඇය මිය යන්නේද ඇයගේ ජීවිතයේ විශේෂතම දිනයක් වීමට තිබූ අවස්ථාවකයි. එනම් ඇයගේ විවාහ මංගල්‍ය උත්සවය යෙදී තිබූ දිනයයි. එම සුවිශේෂී දිනයේ ඇය අවාසනාවන්ත ලෙස මිය යන්නේ "Black widow" නම් විසකුරු මකුළුකුගේ දෂ්ටනයක් නිසාය. අනපේක්ෂිතව සිදු වූ මෙම විපතින් ඇයගේ මව මහත් කම්පනයට ලක් වේ. අනතුරුව ඇයට අවශ්‍ය වන්නේ සිය දියණිය සදාකාලික මනාලියක් වනු දැකීමටයි. පිරිපුන් මනාලියක ලෙස මෙන්ම අලංකාර ලෙස ඇයව හැඩගන්වා "මමියක්" ආකාරයෙන් ඇයව සැමට දැකගත හැකි වන පරිදි එහි ප්‍රදර්ශන කුටියේ තැබිය. 



වසර 80ක් තිස්සේ අදටත් මෙය දැකගත හැකි වන පරිදි එම ප්‍රදර්ශන කුටියේ තබා ඇති අතර මෙයට ඇඳුම් ඇන්දවීම සහ අනෙකුත් කල් තබා ගන්නා ක්‍රමවේදය පවා සිදු කරන්නේ සීමිත පිරිසකි. වර්තමානයේ එම ආයතනයේ හිමිකරු සහ විශ්වාසවන්ත සේවකයින් කිහිප දෙනෙකු පමණක් මෙය සිදු කරනු ලබයි. මෙම මනුෂ්‍ය ශරීරයකින් නිමවූ ඩමිය හා සබැඳුනු ගුප්ත කතාද බොහෝමයකි. එහි සේවිකාවක වන Sonia Burciaga නම් කාන්තාව පවසන්නේ මෙය ළඟට යන හැම මොහොතේම තමන්ගේ අත් දහදියෙන් තෙත්වන බවයි. තවද ඇය පවස්සන ආකාරයට මෙහි කකුල් වල නහර පවා ජීවමානව දර්ශනය වේ.ජනප්‍රවාද වලට අනුව සෑම රැයකම මැජික් කරුවෙකු විසින් මෙයට පන දෙනුලබන අතර ඇය ඉර පායනතෙක් නගරයේ නටමින් සැරිසරන බව සඳහන්. ඇතැම් විට මෙම රුව හැරී සිටින දිශාව වෙනස් වන අතර රාත්‍රියේ මාර්ගයේ ගමන් කරමින් සිටිනා මිනිසුන් දෙස සැලකිල්ලෙන් බලා සිටින බවක්ද පෙන්වයි.මෙම ආයතනය රාත්‍රියේ විවෘත නොකරන අතර රාත්‍රියේ විදුලි පහන් නිවා දැමූ අවස්ථාවල ඒ තුළින් අඩි ශබ්ද පවා ඇසී ඇතැයි සඳහන් වේ. එම හේතුව නිසාම රාත්‍රියේ මෙහි රැඳී සිටීමට කිසිවෙකු හෝ ඉදිරිපත් වන්නේද නැත. කෙසේ වෙතත් අවුරුදු 80ක කාලයක් මෙය මේ ආකාරයට තබා ගත්තේ කෙසේද යන්න අදටත් ප්‍රෙහෙලිකාවකි. මෙම සිදුවීම අදාල කොටගෙන පසු කාලීනව සිනමාපට පවා බිහි වී ඇති අතර "Mannequin" නම් සිනමා නිර්මාණයද මෙහි ආභාෂය ලබා ඇත. මේ හා සම්බන්ද වීඩියෝවක කොටසක්ද පහත දැක්වේ. 




                                   ඇයගේ දෑතේ සජීවී ස්වභාවය අදටත් දැකගත හැකිය

          ආයතනයේ මුල් හිමිකාර කත, එනම් පිළිරුවේ සිටින්නියගේ මව (Pascuala Esparza)








Video

3 comments:

  1. wow.. this is amazing.. :D brilliant post..

    ReplyDelete
  2. it's so scary bt nice n heart touching... feel so sad about that girl who lost her life on her big day!

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators