Sunday, September 21, 2014

වර්ගවාදයේ අඳුරු සෙවණැල්ල Ku Klux Klan

ජාතිවාදය, වර්ගවාදය ලෝකයේ සෑම රටකම, සෑම ජන සමාජයක් තුළම අඩු වැඩි වශයෙන් පැතිරී පවතින තත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් සුරකින රාජ්‍යක් වූවද ඇමරිකා එක්සත් ජනපදය තුළද ජාතිවාදී සහ වර්ගවාදී කණ්ඩායම් වල විශාල ව්‍යාප්තියක් දැකගත හැකිය. Ku Klux Klan ( කූ ක්ලක්ස් ක්ලැන්) යනු එවන් ව්‍යාප්තියක් සහිත ප්‍රබල වර්ගවාදී කණ්ඩායමකි. මොවුන්ගේ ක්‍රියාකාරිත්වය මීට දශක තුනකට පමණ එපිටින් ප්‍රබලව මතු විය. මොවුන් මූලික වශයෙන් නියෝජනය කරනුයේ සුදු ජාතිකයන්ගේ අනන්‍යතාවයයි. අප්‍රිකානු සම්භවයක් සහිත කළු ඇමරිකානුවන් මොවුන්ගේ තාඩන පීඩන වලට වැඩි වශයෙන් භාජනය විය.

1860 කාල වකවානුවේ Ku Klux Klan යන කණ්ඩායමේ ආරම්භය සිදු වෙයි. ඇමරිකාවේ දකුණු දිග ප්‍රදේශයන්හි නිර්මාණය වෙමින් තිබූ කළු ඇමරිකානුවන්ගේ බලය හීන කිරීමේ අරමුණින් එකල අතිශය හිංසාකාරී ක්‍රම ඔස්සේ Ku Klux Klan සිය බලය ව්‍යාප්ත කරන ලදී. 1900 දශකයට එන විට මිලියන පහකට වැඩි පිරිස් බලයක් ඔවුන් සතු විය. මොවුන් අතරින් බහුතරය ජර්මන්, අයිරිෂ් සහ බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත සුදු ඇමරිකානුවන් විය. ඇමරිකානු වර්ගවාදී සටනේ උච්ජතම අවස්ථාවකට පැමිණි 1960 සහ 1970 යන දශක වෙද්දී Ku Klux Klanහී පිරිස් බලය පෙර තිබූ තරම් නොමැති වූවද ඔවුන් ප්‍රචණ්ඩත්වය වැපිරීය. කළු ජාතික ශ්‍රේෂ්ට නායකයෙකු වූ මාර්ටින් ලූතර් කිං ඝාතනය පසු පස සිටියේද මෙම Ku Klux Klan කණ්ඩායමයි.

ඇමරිකානු සිවිල් සමාජය ක්‍රම ක්‍රමයෙන් දැනුවත් භාවය ලබත්ම මෙම කණ්ඩායමෙහි ක්‍රියාකාරිත්වය අවම වූ නමුත් වර්තමානයේ ඇමරිකාවට බලපා ඇති සංක්‍රමණ ගැටළු හේතුවෙන් නැවතත් මෙහි වර්ධනයක් ඇති බව දේශපාලන විචාරකයන් පවසයි. කෙසේ වෙතත් Ku Klux Klan යනු ඇමරිකාවේ මුල් උරුමකරුවන් නොවේ. යුරෝපා ජාතින් ඇමරිකාව ආක්‍රමණය කිරීමටත් පෙර එහි විසූ රතු ඉන්දියානු ස්වදේශිකයන් සැබෑ උරුමක්කාරයන් වන විට සුදු ජාතික Ku Klux Klan යනු තවත් එක් සංක්‍රමණික කොට්ටාසයක් පමණි.


                                               ඔවුන්ගේ පෙළපාලියක්
                                          කළු ජාතිකයෙකුට වද හිංසා කරන අයුරු
                                            ඇදහිලි සහ විශ්වාසයන්
1939 දී මයාමි නුවර ජන්දයට පෙර දින රාත්‍රියේ  Ku Klux Klan සාමාජිකයෙකු මෝටර් රථයක ගමන් කරන අයුරු.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators