Tuesday, September 9, 2014

කන්නද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්නද කන්නේ?

  ජපානයේ එක්තරා නගරයක් ගං වතුරින් ආපදාවට ලක් වූ අවස්ථාවක "යෝෂිනෝයා"(Yoshinoya) නම් අවන්හල ඉදිරිපිට දෙවුර තෙක් ජලයේ ගිලී සිටින මෙම කාන්තාව එම ප්‍රදේශයේ ප්‍රකට "යෝෂිනෝයා" නුඩ්ල්ස් බඳුනක් chopstick භාවිතයෙන් ආහාරයට ගනී. මෙය "යෝෂිනෝයා" අවන්හලට නොමිළේම ලබා දුන් හොඳ ප්‍රචාරයක් විය. මන්ද දියේ ගිලී මැරෙන්න යන මිනිසෙකු වුවත් "යෝෂිනෝයා" නුඩ්ල්ස් බඳුනක රස බැලීමට දෙවරක් නොසිතනා බවක් එය දකිනා යමෙකුට හැඟී යන නිසා. ඇතැමෙකුට මේ කාන්තාව ජීවත් වන්නේ කන්නද? යන පැනය මතු විය හැකිය. කෙසේ වෙතත් මෙම අපූරු සිදුවීම අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර "The 25 Greatest Photos Ever Taken According To Google" හි ඇතුළත් හාස්‍ය උපදවන ජයාරූපයක් ලෙසද මෙය ජනප්‍රිය විය. කෙසේ නමුත් අප සියලු දෙනා ජීවත් වීම උදෙසා අහාර අනුභවය සිදු කලද, අහාර ගැනීම උදෙසාම ජීවත් වන මිනිසුන්ද මෙලොව නැත්තේද නැත.....!!!

1 comment:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators