Friday, September 12, 2014

කාර්ටූනයක කියැවීම - ලෝකය දැකීම


මෙලොව වෙසෙන සෑම මිනිසෙකුම තමාට අනන්‍ය වූ කෝණයකින් ලෝකය දකින අතර ඒ ඔස්සේ සිය ජීවිත විග්‍රහ කරගැනීමට උත්සාහ කරයි. ඒ සඳහා මිනිසා ස්වභාවික ලෝකය සමග ගැටිය යුතුය. එකී තත්වයන් තුළ ජීවත් විය යුතුය. නමුත් නුතන තාක්ෂණය විසින් මිනිසා ස්වාභාදහමෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් කිරීමට ප්‍රයත්න දරන අතරම මිනිසාද එයට නොදැනීම අවනතව ඇත. උදෑසන හිරුගේ පිබිදීම නැවුම් දෑසින් දැකීමට උත්සාහ නොගන්නා මිනිසා එය රූපවාහිනිය ඉදිරියේ සිට හෝ පරිඝණකයක් ඉදිරියේ හෝ සිට නැරඹීමට හුරුව සිටී. නමුත් ඔබට මද පවනේ ළෙල දෙන මලක රුව දැකීමට සේම , රෑ අහසක තරු වියනේ රටා දැකීමට හැකිනම්, ගහ කොළට,සතා සිවුපාවාට ආදරය කළ හැකිනම් ඔබ සැබෑම මිනිසෙකු වනු ඇත. තාක්ෂණයේ උපරිම දුර ගියද එවන් දැක්මක් ඇති වූ කලෙක මිනිසා ස්වභාදහමේ සතුරෙකු නොවනු ඇත. මෙම ප්‍රකට කාර්ටූනය ඔස්සේ කාර්ටූන ශිල්පියා පැවසීමට උත්සහ දරනුයේ මිනිසා තාක්ෂණයෙන් පමණක් ලෝකය දැකීමට උත්සාහ දැරීම තුළ සැබෑ ලෝකය මග හැරෙන බවයි. එසේනම් ස්වභාදහමේ වන සැබෑ සුන්දරත්වය ස්වභාවික ලෙස විඳ ගන්න. එවිට ඔබ ජීවිතයද විඳිනු ඇත.

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators