Monday, September 15, 2014

පොතක් කියවමු - "වානේ පන්නරය ලැබූ හැටි"

"ස්වාර්ථකාමියා අන් හැමටම පෙර මිය යයි... ඔහු මෙලොව ජීවත් වන්නේ තමා සඳහා පමණි.ඔහුගේ මමත්වය පෑගු කෙනෙහිම ඔහුට ජීවත් වීමට කිසිවක් නැත්තේය.එහෙත් මිනිසෙක් සමාජයේ උවමනාවන් සමග ජීවත් වන විට, සමාජය සමග එකට වේලෙන විට,ඔහු විනාශ කර දැමීම අසීරුය........."

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි (Николай Алексеевич Островский) විසින් රුසියන් බසින් රචිත "How the Steel Was Tempered(Как закалялась сталь) " හි සිංහල පරිවර්තනය "වානේ පන්නරය ලැබූ හැටි" දැදිගම වී. රුද්‍රිගු විසින් සිංහලයට අනුවර්තනය කරන ලදී. මෙම කතාවට හේතු පාදක වන්නේ 1918- 1921 අතර රුසියානු සිවිල් යුද්ධයයි. කථා නායකයා පාවෙල් කෝර්චිගින්ය. මෙම කෘතිය රචනා කිරීමේදී කතුවරයා වන "නිකොලායි ඔස්ත්‍රොව්ස්කි"ගේ පෞද්ගලික අත්දැකීම් රාශියක් යොදා ගෙන තිබේ. මෙම කෘතියේ පළමු කොටස 1932දී ‘රුසියානු තරුණ සඟරාවක පළ විය. මෙය එම සඟරාවෙහි කොටස් වශයෙන් පළ වූ නවකතාවකි. 1934 වන විට එහි දෙවන කොටස ආරම්භ විය. 1936දී නව කථාව පොතක් වශයෙන් පළ වූ නමුත් එහි බොහෝ කොටස් සෝවියට් සමාජවාදී ආණ්ඩුවේ මැදිහත්වීම නිසා ඉවත් කොට තිබුණි. නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජීවත් වූයේ වසර 32ක් තරම් වූ කෙටි කාලයකි. "වානේ පන්නරය ලැබූ හැටි" කෘතිය ඔහු රචනා කරන්නේද ඔහු ජීවිතය අවසන් භාගයේ අන්ධ භාවයෙන් පෙළෙමින් සිටි කාලයේ වීම මෙම කෘතියේ වන විශේෂත්වයයි. මිනිසෙකුගේ ආත්ම ධෛර්යය කොතරම් ශ්‍රේෂ්ටද යන්නට සාහිත්‍යයික වශයෙන් දිය හැකි හොඳම නිදසුනක් ලෙස මෙම කෘතිය දැක්විය හැක. පසු කාලීනව මෙම කෘතිය ඇසුරෙන් රුසියානු සිනමා පට ගණනාවක්ම බිහි විය.

                                              ඔස්ත්‍රොව්ස්කි ජීවිතයේ අවසන් සමයේ

                                             Как закалялась сталь  චිත්‍රපටය 

3 comments:

  1. නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගෙ වානේ පන්නරය ලැබූ හැටි ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කරපු පොතක්..!!

    ReplyDelete
  2. mage appacchchi mage mallita kiyawanna genath deepu mulma potha..adatath eya eka parissam karanwa puduma adarekin (Y)


    ReplyDelete
  3. mama me pothata hari kamathi.

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators