Tuesday, September 23, 2014

ලෝක ඉතිහාසයේ සරාගීම තරු ලකුණු "SEX SYMBOLS SINCE 1920-2000"

1920 - Mary Pickford
1892 වසරේ අප්‍රේල් මස 8 වනදා උපන් ඇය හොලිවූඩ් සිනමාවේ ආරම්භක යුගය නියෝජන කළ ප්‍රකට නිළියකි. කැනේඩියන් සම්භවයක් සහිත ඇය "America's Sweetheart","Little Mary"සහ the "girl with the curls" යන ආදර නාමයන්ගෙන් ලොව ප්‍රචලිත විය.


1930 - MAE WEST
1893 වසරේ අගෝස්තු මස 17 දින නිව් යෝර්ක් නුවරදී උපත ලැබිය. ළමා නිළියක ලෙස වේදිකාව හරහා ඇය සිනමාවට අවතීර්ණ වූවාය.Night After Night (1932) ඇයගේ ප්‍රථම සිනමා ආගමනය විය."Queen of the World" සහ "The Statue of Libido" යන නාමයන්ගෙන් ඇයව හඳුන්වන ලදී.



1940 - JANE RUSSELL

1921 වසරේ ජුනි මස 21 උපන් ඇයගේ සම්පූර්ණ නම වූයේ Ernestine Jane Geraldine Russell නම් විය. 1941 වසරේ The Outlaw සිනමා පටය හරහා ලෝ ප්‍රකට විය.


1950 - MARILYN MONROE


ලොවම සිය වසඟයට ගත් හොලිවූඩයේ සිටි සුරූපිණිය ඇයයි. 1926 වසරේ ජුනි මස පළමු වෙනිදා ලොස් ඇන්ජලිස් නුවරදී උපන් ඇයගේ සැබෑ නම වූයේ Norma Jeane Mortenson යන්නයි. ඇයගේ මවද සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ද රැකියාවක නියුතු වූ කාන්තාවක වූ නිසාවෙන් මැරලින් මොන්රෝ හට සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ද වීම අපහසුවක් නොවීය. "The Blonde Bombshell" සහ MM යන අන්වර්ථ නාමයෙන්ද ඇයව හඳුන්වන්නට යෙදුනි.



1960 - RAQUEL WELCH


1940 වසරේ සැප්තැම්බර් මස 5 වන දින උපන් ඇය සිනමාවට පැමිණීමට පෙර රූපවාහිනී මාධ්‍යවේදිනියක සහ නිරූපිකාවක ලෙස කටයුතු කරනු ලැබුවාය. මුව සමකින් කළ බිකිනියකින් සැරසී ඇය පෙනී සිටි පෝස්ටරය නිසා ඇයගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ විය.



1970 - FARRAH FAWCETT


1947 වසරේ පෙබරවාරි මස 2වන දින ටෙක්සාස්හිදී උපන් Mary Farrah Leni Fawcett නිළියක ලෙස ප්‍රකට වුයේ ඇමරිකානු මාලා නාටකයක් වූ Charlie's Angels හරහාය. 1995 වසරේ ඇය විසින් PlayBoy සඟරාවට නිරුවතින් පෙනී සිටි කලාපය එම දශකයේ අළෙවි වාර්තා තැබීය. අවාසනාවන්ත ලෙස ඇය 2009 වසරේ මිය යන්නේ සුව කළ නොහැකි පිළිකා රෝගී තත්වයක් නිසාවෙනි.


1980 - MADONNA


Madonna Louise Veronica Ciccone උපත ලබන්නේ 1958 වසරේ අගෝස්තු මස 16 වන දිනයි. විටෙක ගායිකාවකද විටෙක නිළියක්ද ලෙස ආන්දෝලනාත්මක චරිතයන්ට පන පෙවූ ඇයගේ නම ඉදිරියෙන් ගිනස් වාර්තාද ලියැවී ඇත. තනි පුද්ගලයෙකු ලෙස ලොව සාර්ථකම ගායිකාව( most successful female solo artist of all time) යන ගිනස් වාර්තාවද ඇය සතුය.


1990 - PAMELA ANDERSON


බේ වොච් ඇමරිකානු මාලා නාටකය හරහා ලෝ ප්‍රකට වූ ඇය 1967 වසරේ ජූලි පළමුවැනිදා උපත ලබයි. නිරූපිකාවක ලෙස කටයුතු කළ ඇය රූපවාහිනී ප්‍රචාරක දැන්වීම් ඔස්සේ සිය රංගන කෞශල්‍ය වර්ධනය කරගන්නා ලදී.


2000 - ANGELINA JOLIE

Angelina Jolie Voight නම් ඇය 1975 වසරේ ජුනි 4 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී උපත ලබන්නේ ප්‍රකට කලා පවුලකිනි. ඇයගේ නමේ අවසාන පදය වන "Voight" යන්න ප්‍රංශ බසින් සුරූපී යන අරුත ගෙන දෙයි. ඇය ලොව පුරා ප්‍රකට වන්නේ "Tomb Raider" චිත්‍රපටයේ Lara Croft යන චරිතය හරහාය. තවද ඇය ඔස්කාර් සම්මාන ලාභිනියකි.




4 comments:

  1. ම්ම්ම්... අපූරු ලිපියක්.. රුපය නිසාම ලෝක ප්‍රසිද්ධ වෙන්න ලැබෙන එකත් එක්තරා විදිහක පිනක්..
    keep the good work up.. :D
    cheers!!

    ReplyDelete
  2. සනි ලියෝන් එහෙම මේකට වැටෙන්නේ නැද්ද?
    :O

    ReplyDelete
  3. sunny leon mona hal kallakda

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators