Sunday, September 14, 2014

සමාජය ඉදිරියේ නිරුවත් කළ ගැහැනියක්

ඇය 1963 වසරේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඈත දුෂ්කර ගම්මානයක් වූ "ගෝර්වා කපූර්" හිදී කුල හීන පවුලක උපත ලැබිය. ගැහැනු දරුවන් හතර දෙනෙකු සහ එක් පිරිමි දරුවෙක් සහිත පවුලේ දෙවැනියා ලෙස උපත ලද ඇයට කුඩා කල සිට ලැබුනේ අතිශය කටුක අත්දැකීම්ය. එකොළොස් හැවිරිදි වියට පැමිණි කල ඇයට අවාසනාවන්ත ලෙස "පුට්ටේලාල්" නම් 38 හැවිරිදි මිනිසා සමග සරණ යෑමට සිදු වන්නේ ඇයගේ ජීවිතයේ එක් කේන්ද්‍රීය ලක්ෂයක් නිර්මාණය කරමිනි. ඇයගේ පියා හට කිරි එළදෙනකු හිලව් ලෙස ලබා දී මොහු කුඩා දැරියව රැගෙන යයි. අසාමන්‍ය කාම ආශාවන්ගෙන් පෙළුණු "පුට්ටේලාල්" ගේ ග්‍රහණය මැයට ඔරොත්තු දුන්නේ නැත.

කිහිප වරක් "පුට්ටේලාල්"ගේ නිවසින් ඇය පැන ආවද ඇයගේ නිවසේ මිනිසුන් ඇයව නැවත හරවා යවනු ලැබුවේ "ගැහැනියක එම වේදනා උහුලාගත යුතු බව පවසමිනි". පුට්ටේලාල් වෙනත් ගැහැනියක සරණ ගෙන ආ දා සිට ඇයට අනේකවිද වේදනාවන්ට මුහුණ දීමට සිදු විය. අලුත ගෙනා ගැහැනිය අතින් ඇයට සිදු වූ අන් කොන් දරා ගත නොහැකි වූ තැන ඇය නැවත සිය නිවෙස බලා පැමිණේ. ඇය ක්‍රම ක්‍රමයෙන් අසාදාරණයට එරෙහිව හඬ නගන ප්‍රචණ්ඩ කාන්තාවක් බවට පත් වේ. 1979 වසරේ එවන් අවස්ථාවක ඇයව පොලිස් අත් අඩංගුවට පත් වේ. අඩු කුලයේ ගැහැනියක වූ ඇය පුරා දින 3ක් එම පොලිසියේ වූ නරුම නිළදරයන් අතින් ඇය සමූහ දුෂණයටත්, පහර දීම වලටත් ලක් වේ. සමාජයෙන් ලැබිය හැකි නින්දා අපහාස සියල්ලද, නරුමයන්ගේ අපහරණයෙන්ද තැලී පෙළෙන ඇය "පුලාන් දේවිය" ලෙස නැවත උපදී.

උත්තර ප්‍රදේශය කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වූ සොර කණ්ඩායමක් "පුළන් දේවිය" පැහැරගෙන යාම ඇයගේ ජීවිතයේ තවත් එක් කේන්ද්‍රීය ලක්ෂයකි. ඔවුන් මැයව රැගෙන යන්නේ කෙළි බඩුවක් ලෙස භාවිතා කිරීමට වූවද මෙම හොර කණ්ඩායමේ සිටි එක් සාමාජිකයෙකු හට ඇය පිළිබඳව සැබෑම අනුකම්පාවක් ඇති වූ අතර එය පසුව ප්‍රේමයක් බවට පත් විය. ඔහු ඇයගේ පෙම්වතා වන විට සොර කණ්ඩායමේ නායකයා වූ " බාබු ගුජ්ල්" හට මෙය දරාගත නොහැකි විය. ඔහු පුලාන් දේවියගේ පෙම්වතා වූ "වික්‍රම්" ඝාතනය කිරීමට යාමේදී වික්‍රම් අතින්ම මැරුම් කයි. වික්‍රම් පුලාන් හට අවි පුහුණුව ලබා දේ. හදිසියේ ඇති වූ සටනකදී පුලාන්ගේ සැබෑ ප්‍රේමවන්තයා වන වික්‍රම් මිය යන අතර ඉන් පසු සොර කණ්ඩායම මෙහෙය වන්නේ "පුලාන් දේවියයි". හැම විටෙකම අතිතගත අමිහිරි මතකයකින් පීඩා විඳි ඈ සිය පළමු සැමියා වූ පුට්ටේලාල් මරා දමන්නේ කුඩා කළ තමා විඳි වේදනා වලට පලි ගැනීමක් වශයෙනි.

මෙසේ ගෙවී ගිය කාලය තුළ සමාජයට පිළිල වූ වංශවතුන්, ස්ත්‍රී දූෂකයන් විශාල ප්‍රමාණයක් පුලාන්ගේ ගිනි අවියෙන් පරලොව යැවීය. 1981 වසරේ එක් දිනක ඇය වංශවත් තාකුර් වරුන් 22නෙකු ඝාතනය කළාය. "කල්‍යන් මුඛර්ජි" නම් මාධ්‍යවේදියෙකු ඇයගේ මෙම සංවේදී කතා පුවත ලෝකය හමුවේ තබයි. එයින් බහුතරයකගේ දෑස විවර වන අතර ඇයට ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහයට පැමිණෙන ලෙස ඇරයුම් කරයි. එම ඇරයුමට කොන්දේසි සහිතව එකඟ වන ඇය මහත්මා ගාන්ධි තුමන්ගේ සහ දුර්ඝා දෙවඟනගේ පිළිරූ ඉදිරිපිට ආයුධ බිම තැබුවාය. එසේ කළ ඇයට සමාජ මෙහෙවරක් කිරීමේ අවශ්‍යතාව මතු වූ අතර 1996 වසරේ සිය උපන් ගම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ඉන්දියානු "ලෝක් සභාවට" තේරී පත් වූවාය.

ඇයගේ ජීවිත කතාව අළලා කෘති බිහි විය. "Bandit queen" ලෙස බිහි වූ ඇයගේ ජීවිත කතාව සිනමාවටද නැගුණි. 1999 වසරේද ඇය නැවතත් මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වූ අතර "උමේෂ් සිං" නැමැත්තෙකු සමග විවහද වූවාය. කුඩා කල සිටන්ම ලිංගික අඩත්තේට්ටම් වලට ලක් වූ ඇයට ගර්භාශයේ ඇතිව තිබූ රෝගාබාද නිසාවෙන් දරු සුරතල් බැලීමට කිසිදා නොහැකි විය. 2001 වසරේ ජූලි මස 25 වන දින තම මෝටර් රථයට ගොඩ වීමට සුදානම් වූ අවස්ථාවේ සාහසිකයෙකුගේ වෙඩි වරුසාවකින් ඇය මිය ගියාය. මිය යන විට ඇය 37 වන වියේ පසු විය. ඇයගේ මරණයෙන් ඉන්දියාවේ දුප්පත් අසරණ හීන කුල වල මිනිසුන් ශෝකයෙන් තැවුනි. ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අය අතර බහුතරය කාන්තාවන් සහ දුප්පත් අඩු කුල වල මිනිසුන්ය.

පුලාන් දේවිගේ චරිතය ඇසුරෙන් "ශේකා කපූර්" විසින් අධ්‍යාක්ෂණය කරන ලද "Bandit Queen" විවාදයට තුඩු දුන් සිනමා පටයකි.මෙහි "සීමා බිස්වාන්" නම් නිළිය නිරුවතින් කල රංගනය අතිශය විවාදයට තුඩු දෙන ලදී.මෙම සිනමා පටය තුල කතාවේ කතා නායිකාවට අතවර කරන දර්ශන වලදී ඉන්දියාවේ ඇතැම් පළාත් වල ඇතැම් ප්‍රේක්ෂකයන් අත්පොලසන් දී උරුවම් බෑ බව වාර්තා වේ.නමුත් යුරෝපයේ සහ අනෙකුත් කලාප වල ප්‍රදර්ශනය කල අවස්ථාවල එම ප්‍රේක්ෂකයන් මෙයින් කම්ප වූ බව පැවසේ.එමගින් බහුතර ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගේ දැනුමේ තරම අපට මැනවින් වටහා ගත හැක.මෙය හද සසල කරන අන්දමේ සිනමා නිර්මාණයකි.සිනමා පටය තුල වූ නිරුවත කාමය නොව සංවේගය උපදවයි.
       
                                                  පුලාන් දේවි තරුණ අවදියේදී

                                                 මන්ත්‍රීවරියක ලෙස 
                                                
                                                "Bandit Queen" චිත්‍රපටය
                                                  
                            පුලාන් දේවිය ලෙස චරිත නිරුපණය කළ  "සීමා බිස්වාන්"

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators