Sunday, September 28, 2014

මනාලියන් සුදු අඳින්නේ ඇයි?

මෙය බ්‍රිතාන්‍ය සම්ප්‍රදායෙන් පැමිණි චාරිත්‍රයක් ලෙස හඳුනා ගන්නා අතර වික්ටෝරියානු රාජ්‍ය සමයේ මෙය අතිශය ජනප්‍රිය වූ නිසාවෙන්ම මෙය එකල විලාසිතාවක් බවට පත්ව ඇත. එතැන් පටන් අද දක්වාම බ්‍රිතාන්‍ය තුළත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වූ බොහෝ රටවලත් විවාහ උත්සවයන් හිදී මනාලිය සුදු පැහැති ඇඳුමකින් සැරසීම සම්ප්‍රදායක් බවට පත් විය. එකල 1840 කාලයේ බ්‍රිතාන්‍ය රැජින වූ "වික්ටෝරියා අධිරාජිනිය" "ඇල්බර්ට් කුමරු" හා අතිනතගත් සිය මංගල දිනයේ සුදු පැහැති අලංකාරවත් රේන්ද සහිත මංගල ඇඳුමකින් සැරසී සිටි අතර එය එම වකවානුවේ තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගත් මංගල ඇඳුමක් බවට පත් වූයේ නිතැතින්මයි. පසුව සාමාන්‍ය ජනතාවද මෙය අනුකරණය කළ අතර එය බ්‍රිතාන්‍ය කිරීටයේ නව මංගල ප්‍රවනතාව බවට පත් විය. මෙය සම්ප්‍රදායක් බවට පත් වීමට පෙර කාලයේ යුරෝපයේ සහ ඇමරිකානු මනාලියන් තද වර්ණ වලින් යුතු මංගල ඇඳුම් ඇඳීමට හුරු වී සිටි බව පැවසේ. කෙසේ වෙතත් පල්ලි ආශ්‍රය කරගනිමින් විවාහ උත්සව පැවැත්වූ බැවින් සුදු පැහැයේ වූ චාම් ස්වභාවය වඩාත් ඔපවත් විය. ශ්‍රී ලංකාව වැනි පෙරදිග රටවලටද මෙම සංස්කෘතික බලපෑම එල්ල වූ බැවින් සිංහල බෞද්ධ කාන්තාවන් පවා විවාහයේ පළමු දින සුදු වතින් සැරසීමට ප්‍රියතාවයක් දැක්වීය. වික්ටෝරිය යුගයෙන් පැමිණි මෙම සම්ප්‍රදාය වර්තමානයේ ලෝකය පුරා සම්මත වූ විලාසිතාවක් ලෙස භාවිතා වේ.

                               වික්ටෝරියා රැජිනගේ විවාහ මංගල්‍ය දිනයේ
                               ඇය සුදු පැහැති දිදුලන සිල්ක් පැහැති මංගල ඇඳුමකින් සැරසී සිටි අවස්ථාව

                                                          නූතන මනාලිය


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators