Friday, September 5, 2014

අයියනායක කවි

විමලරත්න කුමාරගමයන් මෙලොව එළිය දකින්නේ 1919 වසරේ ජනවාරි 18 වන දින පාතදුම්බර පාලිස්පත්තු බටහිර කෝරලයේ නාරම්පනාව ග්‍රාමයේය. එතුමන් මාකොලදෙනිය වේරපිටිය පාසල, තෙල්දෙණිය ද්විභාෂා විද්‍යාලය, කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. අධ්‍යාපනයට කුඩා කල පටන්ම සමත්කම් දැක්වූ එතුමා එවක තිබූ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයද ඉහළින් සමත් වේ. 1935 වසරේ රජයේ ලිපිකාර විභාගයෙන් සමත්ව පරිපාලන නිළධාරියෙකු ලෙස අනුරාධපුර කච්චෙරියේ සේවයට යන එතුමන් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන "සංවේග වේදනා" නම් කාව්‍ය එළි දක්වන්නේද එම වසරේම වීම විශේෂය.

මා මෙහි දක්වන පැදි පෙළ අන්තර්ගතව ඇත්තේ කුමාරගමයන් විසින් රචිත "අයියනායක" නම් කාව්‍ය සංග්‍රහයේය. දුෂ්කර පළාතක සේවය කරන වකවානුවේ එම පළාත්හි ජීවත් වන අසරණ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව එතුමා සතුව තිබූ අනුකම්පා සහගත දෘෂ්ටිය මෙම කාව්‍ය සංග්‍රහය ඔස්සේ මැනවින් නිරූපිතය. මෙම පැදි දෙකෙහි වන්නේ එම මිනිසුන්ගේ විශ්වාසයන් සහ ඇදහිලි එතුමන් දුටු ආකාරයයි. කිසි විටෙකවත් ඔවුනගේ විශ්වාසයට ඇදහීමට ගැරහීමට තම කවිකම යොදා නොගත් කුමාරගමයන් එම ගැමියන්ගේ ජීවිත තුළ ජීවත් වෙමින් සිය නිර්මාණ කාර්යයේ නිමග්න විය. එය ඔහුගේ සියලු කාව්‍ය නිර්මාණ වල දක්නට ලැබෙන විශේෂත්වයක් ලෙසද හඳුනාගත හැකිය.

දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්වර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
                                                    විමලරත්න කුමාරගම

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators