Wednesday, September 3, 2014

එදවස ඔවුන් ප්‍රේමයෙන් බැඳුනි - One Day (2011)


 
වසර දෙකකටත් වැඩි කාලයක් මේ සිනමාපටය මා සතුව තිබුනත් මා හට එය නැරඹීමට නොහැකි උනා. මේ තරම් සංවේදී සිනමා පටයක් මේ තරම් කාලයක් මා හට මග හැරී ගොස් අද දවසේ මෙය නැරඹුවේ අතිශය හුදෙකලා අවස්ථාවක. ඒ හුදෙකලාව සමගම මේ නිර්මාණය මාගේ හදවතට කා වැදුනා. හිමි වීම, අහිමි වීම, මිත්‍රත්වය සහ ආදරය මුසු වූ මෙම කතා සංකල්පය ඇතුළේ වචනයට පෙරළිය නොහැකි හැඟීමක් ප්‍රේක්ෂක හදවතට ගෙන එනවා. ආදරය නම් සංකල්පයට හැඩයක් දීමට මේ ලොව කිසිවෙකුටත් නොහැකි වන්නේ ඒ ඒ පුද්ගල ජීවිත වල වන හැඩතල සමග ඔවුනොවුන් ආදරයේ හැඩතල නිර්මාණය කරගන්නා නිසාමයි. මේ තුළ වන්නේද එවන් වෙනස් ආකාරයක හැඩතලයක්. මෙහි එන ඇතැම් අවස්ථාවක එකී ආදරයේ හැඩ හුරුකම අපගේ ජීවිත සමගද බද්ධ වන්නේයැයි අප හට හැඟී යනවා. ජූලි මස 15 ඔවුනොවුන්ගේ ජීවිත වල අතිශය විශේෂ දිනයක්. වසර ගණනාවක් පුරා ඔවුනගේ ජීවිතයේ ගලා යෑම එක්තරා අවසානයක් කරා ගෙන එන්නේ අතිශය සියුම් වේදනාවක්ද සමගින්. එකිනෙකට වෙනස් මාවත් වල ගමන් කරනා එහෙත් හදවත් බැඳීමෙන් එක් වූ මිත්‍රත්වය සහ ආදරය මුසු වූ ඔවුන්ගේ ජීවිතය "One Day" හි නිරූපණය කරයි. Anne Hathaway ගේ රංගනය ඔස්සේ ප්‍රේක්ෂකයා තුළද ඇය කෙරෙහි සියුම් ප්‍රේමයක් ජනිත කරවන්නේ නිරායාසයෙන්. නරඹන්න "One Day".
                                              පූර්ව ප්‍රචාරක පටය

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators