Tuesday, September 16, 2014

ලෝක සිනමාවෙන් - "Invictus"

1990 වසරේ හිටපු දකුණු අප්‍රිකානු කළු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස් වෙන්නේ වසර 28ක් සිර දඬුවම් විඳීමෙන් පසුවයි.ඒ තම ජාතියේ නිදහස වෙනුවෙන් සටන් වැදීම නිසා.එලෙස නිදහස් වෙන ඔහු 1994 වසරේ දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා ලෙස පත් වෙන්නේ බහුතර කළු අප්‍රිකානුවන්ගේ ඡන්දය දිනා ගැනීමෙන්.එතෙක් කල් ඔවුනට පීඩා කල සුදු ජාතීන් සුළුතරයක් බවට පත් වී බහුතර කළු ජාතීන් අතට බලය යනවා.ජාතිවාදී සටනකට හොඳම පසුබිමක් මෙහි නිර්මාණය වෙනවා.නමුත් දූරදර්ශී නායකයෙක් වෙච්ච මැන්ඩෙලා එම අවස්ථාවේ සියලුම මාධ්‍ය අයතනන කැඳවා ප්‍රකාශ කලේ සුළුතර ජාතීන්ට හානි වන ආකාරයේ කිසිදු ආකාරයේ ප්‍රචාරණයක් සිදු නොවීමට කටයුතු කරනා ලෙසයි.

නමුත් මෙම සිනමා පටයට පසුබිම් වන්නේ 1995 වසරේ අප්‍රිකාවේ පැවති රග්බි ලෝක කුසලානය.94 වසරේ මැන්ඩෙලා බලයට පත්වනවිට අප්‍රිකානු රගර් ක්‍රීඩාව යනු සුද්දන්ගේ ක්‍රීඩාව බවට පත් වී තිබුනා.මෙම ක්‍රීඩාව කළු ජාතීන්ගේ වෛරයට පත් වුයේ ඒ නිසාමයි.නමුත් මෙම කණ්ඩායම දිගින් දිගටම තරඟ පරාජයට පත් වුනා.මෙම පරාජයන් දුටු මැන්ඩෙලා එම පරාජයන් ජාතියේ ජයග්‍රහණයන් බවට පත් කර ගැනීමට සිතා ගන්නවා.මේ කාල වකවානුව වන විට අප්‍රිකානු ජාතික ක්‍රීඩා සංගමයේ බලය කළු ජාතිකයන් අතට පත් වන අතර ඔවුන් රගර් ක්‍රීඩාවට ලබා දෙන ප්‍රතිපාදන ලබා නොදී එම ක්‍රීඩාව නැති කිරීමට මාන බලනවා.මෙය මැන්ඩෙලාට සැල වී ඔහු එම ප්‍රයත්නය පරාජය කරනවා.ජාතික රග්බි කණ්ඩායමට සියලුම ආකාරයේ රාජ්‍ය අනුග්‍රහය ඔහු ලබා දෙන්නේ ලෝක කුසලානය අරමුණු කරනවාට එහා ගිය පරමාර්ථයකින්.

ඔහුට අවැසි වන්නේ ජාතියේ එකමුතුව පමණයි.ඔහු කළු ජාතීන් අතර මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට විශාල වෙහෙසක් ගන්නවා.ජාතික රග්බි කණ්ඩායමේ එවකට සිටි නායකයා "ෆ්රන්කොයිස් පිනාර්" ඔහු විසින් මෙහෙයවනවා.තමා වසර 28ක් සිර ගත වී සිටි සිර මැදිරිය දැක ගැනීමේ අවස්ථාව ඔහු පිනාර් හට ලබා දෙනවා.තවද ඔහු සිර ජීවිතය ගත කරන අතරතුර කියවූ කවියක් මැන්ඩෙලා පිනර් හට ලබා දෙනවා.එහි නම "Invictus". කෙසේ හෝ අවසානයේ ඔහු ජයග්‍රහණයේ මාවත ඔවුන්ට පෙන්වනවා.All Blacks නවසීලන්ත පිලට එරෙහිව 1995 වසරේ රග්බි ලෝක කුසලානය ඔවුන් ජය ගන්නවා.මෙය මිලියන 43ක් වූ දකුණු අප්‍රිකානු ජනතාව එකම එක ජාතික හැගීමකින් එකතු කල මොහොතක්.අවසන් විනාඩි 20දී මුළු ක්‍රීඩාගාරයම ගයන්නේ එකම ගීතයක්.ඒ "God bless Africa" ගීතය..... ජයග්‍රහණයේ අවසන් තත්පරය දක්වා ඔවුන්ව මෙහෙයවන්නේ මෙම ජාතිකාභිමානි හැගීම..... මා ඔබට ආරධනා කරනවා නරඹන්න "Invictus".....
                                     
                                  ෆ්රන්කොයිස් පිනාර්ගේ චරිතයට පන පෙවූ "මැට් ඩෙමන්"
                                                    සැබෑ ෆ්රන්කොයිස් පිනාර්

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators