Sunday, September 7, 2014

"යළි නොවෙමි මනාලියක්"

එදින ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරට තරමක් අඳුරු දිනයක්. වටපිටාවම වැහිබර අඳුරු ස්වභාවයකින් වෙළී තිබුනා. "රොබර්ට් වීල්ස්" නම් ජායාරූප ශිල්පියා නිව් යෝර්ක් නුවර "එම්පයර් එස්ටේට්" ගොඩනැගිල්ල අසලින් පාර මාරු වීමට සූදානම් වී සිටියා. හදිසියේම ඔහුට ඇසුණේ වීදුරු බිඳී යන ශබ්දයක්. ඔහු පසුපස හැරී බලනවා. ඔහු දුටු දෙයින් මවිතයටත්, කම්පාවටත් පත් වනවා. ආසන්නයේ වූ "ලිමොසින්" වර්ගයේ මෝටර් රථයක් මත රූමත් තරුණියක් වැටී මියගොස් සිටියා. ඔහු සැනෙකින් තම අත වූ කැමරාවෙන් මෙම සිදුවීම ජායාරූපයට නගනවා.

මෙම සිදුවීම සිදු වී සුළු මොහොතකට පසුව නිව් යෝර්ක් පොලීසිය එම ස්ථානයට පැමිණෙනවා. ඔවුන් ඇයගේ මුදල් පසුම්බිය පරික්ෂා කිරීමේදී ඇයගේ අනන්‍යතාවය සනාථ වනවා. එහි වූයේ ඩොලර් කිහිපයක්, පවුලේ ජායාරූප කිහිපයක් සහ ඇය විසින් ලියන ලද කිසියම් සටහනකි. ඇය නමින් "එව්ලින් මැක්හේල්" නම් විසි තුන් හැවිරිදි තරුණියකි. ඇය සිය දිවි නසා ගැනීමට හේතුව තමන් විසින්ම ලියූ සටහනේ දක්වා තිබුණි. ඇයගේ අත ගැනීමට සිටි පෙම්වතා විවාහයට පෙර හදිසියේම ඇයව හැර ගොස් තිබීම නිසාවෙන් ඇති වූ සිත් තැවුල මෙම සිය දිවි නසාගැනීමට හේතු වී තිබුණා. එය ඇයගේ වචනයෙන් මෙසේය " මා නැතිව ඔහු කොහේ හෝ තැනක හොඳින් සිටිනවා ඇති...ඒත් මා හට තවත් අයෙකුගේ මනාලියක් වී පිට වී යෑමට නොහැකියි....."

මෙසේ ලියූ සටහන තම පසුම්බියේ රුවා ගත් ඇය 1947 වසරේ මැයි මස පළවෙනිදා නිව් යෝර්ක් නුවර "එම්පයර් එස්ටේට්" ගොඩනැගිල්ලේ ඉහළම වූ නැරඹුම් මහළට යන විට මුළු පෙදෙසම වැහි වලාකුළින් වැසි තිබුණා. දෙවරක් නොසිතා ඇය එහි වූ කවුළුවකින් පහළට පනිනේ සිය හදවතේ වූ ආදරය තවකෙකුට හිමි නොකිරීමේ පවිත්‍ර චේතනාව තුරුළු කරගනිමිනි.

ඇයගේ සිරුර පතිත වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් වූ "ලිමොසින්" රථයක් මතටයි. සති දෙකකට පසුව "රොබර්ට් වීල්ස්" විසින් ගත් ජායාරූපය ලෝ ප්‍රකට "Life" සඟරාවේ පළ වුයේ "සොඳුරුතම සිය දිවි නසාගැනීම"(The most beautiful suicide) යන උදෘතය යටතේය.
                        "එව්ලින්" මියගොස් සිටි අයුරු "වීල්ස්ගේ" කැමරාවෙන්
                       එම සිදුවීම සිදු වූ අවස්ථාවේ මාර්ගයේ ඇති වූ රථ වාහන තදබදය

2 comments:

  1. මෝඩ ගෑනි.වටිනා මිනිස් ජිවිතේ නොවටිනා දෙයක් වෙනුවෙන් නාස්ති කරගෙන

    ReplyDelete
  2. Well it is really beautiful.. and surprisingly she looks so calm and happy.. :)

    ReplyDelete

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators