
හෝපිවරු යනු මධ්‍යම ඇමරිකාවේ සහ උතුරු ඇමරිකාවේ නිරිතදිග ප්‍රදේශ වල ජීවත් වූ ඉන්දියානු ජන කොට්ටසයකි. මායාවරුන් සේම අනාගතය පිළිබඳව අනාවැකි කීමේ හැකියාවක් මොවුන්ටද විය. The Hopi prophecy rock ( හෝපී අනාවැකි ගල) යනු ඔවුන් අනාගත වාක්‍යන් ලියා තැබූ සෙල් ලිපියක් බඳු දෙයකි. අහස පොළොව සහ ස්වභාදහම පිළිබඳ වූ ඔවුනගේ දැනුම ඉන් ලොවට හෙළි කරයි. ඔවුන්ගේ විශ්වාසයට අනුව ලෝකය මීට පෙර තුන් වතාවක් විනාශ වී නැවත නැවත ඇති වුවකි.වර්තමානයේ අප ජීවත් වන්නේ සිව් වන වර නිර්මාණය වූ ලෝකය තුලයි. මීට පෙර පැවති ලෝක සියල්ල ස්වභාවික විපත් හේතුවෙන්ම විනාශ වී ඇති බවත් මෙම යුගය මිනිස් ක්‍රියාකාරකම් මත සිදු වන විපත් හේතුවෙන් විනාශ වන බවත් ඔවුන් පවසා ඇත. තවද අනාගත ලෝකයේ සන්නිවේදන දියුණුව, සඳ තරණය ආදිය පිළිබඳව හෝපිවරු ශතවර්ෂ ගණනාවකට එහා සිට අනාවැකි පල කොට ඇත.

No comments:
Post a Comment