Saturday, August 30, 2014

හිපි සංස්කෘතිය

1960 දශකයේ මැද කාලය වන විට ඇමරිකානු එක්සත් ජනපදය මූලික කොට ගනිමින් මෙම හිපි සංස්කෘතිය බිහි වන අතර මෙයට "හිපි" යන නාමය ආරූඩ වන්නේ ඉණෙන් පහලට කලිසම් අඳින "හිප්ස්ටර්" නම් වූ විලාසිතාව හේතුවෙනි. තවද ස්පාඤ්ඤ "ජිප්සි" සංස්කෘතියේ බලපෑම්ද මෙම "හිපි" සංස්කෘතිය ඇති වීමට මූලිකව බලපා ඇත. මොවුන්ගේ පැවැත්ම ගැන සඳහන් කරන්නේනම් ප්‍රජාවක් ලෙස සාමකාමී දිවි පෙවෙතක් ගත කිරීමත්, මානසික ඒකාග්‍රතාව සඳහා යයි පවසමින් මරිජුවානා සහ LSD වැනි මත්ද්‍රව්‍ය භාවිතා කිරීමත්, නව රැල්ලේ රොක් සංගීතයට සවන් දීමත් විශේෂ වේ. තවද පෞද්ගලික නිදහස හා ලිංගික නිදහස වෙනුවෙන් "හිපි" වරු ක්‍රියාත්මක වන්නට විය.
      1965 වන විට ඇමරිකාව තුළ "හිපි" සංස්කෘතිය අතිශය ජනප්‍රිය වූ කාල වකවානුවක් වූ බැවින් මෙය ඉතා ඉක්මනින්ම යුරෝපය දක්වාද ව්‍යාප්ත විය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය, ප්‍රංශය තුළ මෙන්ම අනෙකුත් කලාප වලද මෙම සංස්කෘතිය කෙටි කලක් තුළ පැතිරී යන ලදී. ඇමරිකාවේ වාසය කළ හිපි මිනිසුන් සාමය මූලික කොට ගත් බලපෑම් එවක පැවති පාලන තන්ත්‍රයට එල්ල කරන ලදී. විශේෂයෙන්ම වියට්නාම යුධ සමයේ එම ආක්‍රමණයට විරුද්ධව හිපියන් විශාල වශයෙන් විරෝධතා එල්ල කරන ලදී.
           නාට්‍ය කලාව, විදී නාට්‍ය හරහා තම මතයන් සමාජගත කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වූ අතර ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත තුළ ඔවුන් භාවිතා කළ මත් ද්‍රව්‍යන් තහනම් කිරීම හරහා ඔවුන් පීඩනයට පත් කිරීමට එවක පැවති ආණ්ඩු කටයුතු කරන ලදී. පෙරදිග සංස්කෘතින්හි වූ ඇතැම් භාවිතාවන් හිපියන් වන්දනාමාන කළ අතර මස් මාංශ අනුභවයද පිළිකෙව් කරන ලදී. ඉහළ පැලැන්තියේ ඇඳුම් පැළඳුම්ද ප්‍රතික්ෂේප කළ අතර ඔවුනටම අනන්‍ය වූ රළු පෙනුමෙන් යුතු සරල පැළඳුම් ඔවුහු භාවිතා කළහ. ලිංගිකත්වය තුළ අතිශය වෙනස් ආකාරයේ ජීවිතයක් ගත කළ මොවුහු අවිවාහක සම්බන්දතා වලට මුල් තැනක් දෙන ලදී. තවද සමලිංගිකත්වය,ද්වීලිංගිකත්වය සහ බහු ලිංගිකත්වය වැනි සාමාන්‍ය සමාජය විසින් ප්‍රතික්ෂේපිත කාරණා වලට ඔවුනගේ සමාජය තුළ වූයේ විවෘත පිළිගැනීමකි.
        ස්වභාව ධර්මයට ලංව සාමකාමී ලෙස නිදහස අගයකරමින් ඔවුන් සිය ජීවන පැවැත්ම සංස්කෘතියක් ලෙස ගොඩ නැගීමට උත්සහ කළ නමුත් 80 දශකය පමණ වන විට "හිපි" සංස්කෘතියේ ජනප්‍රියත්වය අඩු වන්නට විය. විශේෂයෙන්ම තරුණ අවදියේ ක්‍රියාකාරී හිපිවරු ලෙස සිටියවුන් වයසින් මුහුකුරා යත්ම එම සංස්කෘතියෙන් ඈත්ව සාමාන්‍ය ජීවිත ගත කරන්නට විය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතාව වැනි දෑ තුළ නිවැරදි අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමට වූ නොහැකියාව ඊට තදින්ම බලපාන ලදී. මේ ආකාරයට හිපි සංස්කෘතික ජනප්‍රියභාවය අඩු වූවද අදටත් ඇමරිකානු කලාපයේ සහ යුරෝපයේ කුඩා කණ්ඩායම් ලෙස හිපියන් සිය කටයුතු සිදු කරමින් ජීවත් වේ.




                                          හිපිවරුන් භාවිතා කළ සාමයේ සංකේතය
                                   

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators