1976 වසරේ මුල් වරට සොයා ගත් මෙම වයිරසය ඩෙංගු මැලේරියා වැනි උණ ස්වභාවයක් පෙන්වනු ලබන රක්තපාත තත්වයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ ආකාරයට එබෝලා වයිරසය අප්‍රිකානු කලාපයේ පැතිරී ගියද මීට පෙර අවස්ථාවන්හිදී සීග්‍ර පැතිරීමක් පෙන්වා නොමැත. මෙම වයිරසයේ ප්‍රභේද 5ක් මේ විට සොයා ගෙන ඇති අතර ආසාදිත රුධිරය,දහදිය සහ වෙනත් ශ්‍රාවයන්ගෙන් මෙම රෝගය බෝ වීමේ හැකියාවක් පවතී. තද උණ, හිසරුදාව,වමනය, තෙහෙට්ටුව, හන්දි, පේශි සහ උදරයේ වේදනාව සහ පාචනය මෙහි මුලික රෝග ලක්ෂණ වේ. කෙසේ නමුත් මෙම රෝගය පැතිරී ඇත්ද යන සායනික පරීක්ෂාවන් සිදු කිරීමට අප්‍රිකානු රටවල සහ ආසියානු රටවල ඇති පහසුකම් අවම වීමද මෙය මූලික අවස්ථාවේ හඳුනාගැනීමට ඇති ගැටළුවකි . මේ සඳහා වන ප්‍රතිකාර නිශ්චිත නොවන බැවින් ඒවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතී. බටහිර අප්‍රිකානු කලාපයෙන් දැනට රෝගීන් 1800ත් 2000ත් අතර සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වී ඇති අතර ඉන් 1000ක් පමණ මිය ගොස් ඇති බව සඳහන් වේ. මෙම තත්වය මත මේ වන විට "ලෝක සෞඛ්‍ය සංවිධානය" ලොව පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට ඇත.
Monday, August 11, 2014
Subscribe to:
Post Comments (Atom)
වටින ලිපියක්..
ReplyDeleteබොහෝම ස්තුතියි.......
ReplyDelete