Monday, August 4, 2014

හිබකුෂා (被爆者)

හිබකුෂා (Hibakusha) යනු දෙවන ලෝක යුධ සමයේ ඇමරිකාව විසින් ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් පසුව එම ආපදාවෙන් ජීවිත බේරා ගත් පිරිස හඳුන්වන නමයි. පසුගිය වසරේ ජපන් රජය විසින් මේ ආකාරයට දිවි ගලවාගත් ජපන් ජාතිකයන් 201,779 පමණ හඳුනාගෙන තිබේ. ඒ අතරිනුත් 1% ක පමණ ප්‍රමාණයක් පරමාණු බෝම්බයේ විකිරණ හේතුවෙන් විවිද රෝගාබාදයන්ට ලක් වූ පිරිස් වේ. හිරෝශිමාවේ සහ නාගසාකි යන නගර වල පිහිටුවා ඇති ස්මාරකයන්හි එම ප්‍රදේශයන්හි හිඳ පසුගිය කාලයේ මිය ගිය හිබකුෂා (Hibakusha) වරුන්ගේ නම් සඳහන් කල නාම පුවරු ප්‍රදර්ශනයට තබා ඇත. සෑම වසරකම එම නාම පුවරු අලුත් වන අතර පරමාණු බෝම්බය හෙලීමෙන් පසුව සිට ගිය වසරේ අවසානය තෙක් ජීවත්ව මිය ගිය ගණන 450,000 කි. ඉන් 286,818 දෙනෙකු හිරෝෂිමාවෙන්ද 162,083 දෙනෙකු නාගසාකි ප්‍රදේශ වලද ජීවත් වුවන් වේ. මොවුන්ගෙන් බහුතරය මුළු ජීවිත කාලය පුරාම විකිරණශීලිත්වය හේතුවෙන් වන විවිද රෝගාබාද හේතුවෙන් පීඩා විඳ ඇත. අදටත් එකී බලපෑම හේතුවෙන් අංග විකල භාවයට පත් වූ දරු උපත් සැලකිය යුතු ප්‍රමාණයක් එම ප්‍රදේශ වලින් වාර්තා වේ. එමෙන්ම ඔවුන් සමාජයෙන් කොන් වී සිටීම මහත් සමාජ ඛේදවාචකයකි.


No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators