Saturday, August 2, 2014

හිට්ලර් නම් සිත්තරා

සෑම මිනිසෙකුගේම ජීවිතයේ ගුණ මෙන්ම නුගුණද පිහිටා ඇත. එසේම ජර්මනිය පාලනය කළ ඒකාදිපති නුගුණ පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් යනු චිත්‍ර කලාවට අතිශය සමත්කම් දැක්වූ මිනිසෙක් බව පිළිගැනීම පවා තරමක් අපහසු දෙයක්. නමුත් එය සත්‍යයක් . ඔහු ඔස්ට්‍රියාවේ වියාන නුවර වාසය කරන සමයේ එනම් 1908–1913 යන කාලයේ ඔහු තමා විසින්ම ඇඳි සිතුවම් විකිණීමෙන් ලද මුදලින් ජීවත් වූ බව පැවසේ. නමුත් එය එතරම් සාර්ථක වූ ජීවන ක්‍රමයක් වී නැත. ඔහු විසින් රචනා කරන ලද තම ස්වයං ලිඛිත චරිතාපදානය වූ "Mein Kampf" නම් කෘතියේ ඔහු සඳහන් කර ඇති පරිදි ඔහුට කුඩා කල සිට අවශ්‍යව ඇත්තේ චිත්‍ර කලාව පිළිබඳව මහාචාර්යවරයෙකු වීමටයි. ඔහු ඔස්ට්‍රියාවේ "Academy of Fine Arts Vienna" චිත්‍ර කලා ඇකඩමියට ඇතුලත් වීම සඳහා එහි වූ ඇතුලත් වීමේ විභාගයට පෙනී සිටිනවා. නමුත් අවාසනාවකට ඔහු එම විභාගයෙන් අසමත් වෙනවා. දෙවන වරත් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ඇකඩමියේ විද්වතුන් ඔහුට පවසන්නේ චිත්‍ර කලාවට වඩා "ගෘහ නිර්මාණයට" ඔහු සතුව හැකියාවක් පවතින බැවින් ඒ අංශයට යොමු වන ලෙසයි. නමුත් එය ඔහුගේ තෝරා ගැනීම නොවන නිසාවෙන් සියල්ල පිළිබඳව ඔහු කලකිරීමට පත් වේ. පසු කාලීනව දේශපාලන ක්‍රියාවලිය හා සම්බන්ද වූවත් ඔහුට චිත්‍ර කලාව හා තිබූ බැඳීමනම් අත් හෑරීමට නොහැකි විය. දෙවන ලෝක යුද සමයේ පවා ඔහු අනේකවිද අණදීම් සිදු කරන අතරතුරේදී පවා චිත්‍ර ඇඳීමේ නිරත විය. කෙසේ හෝ දෙවන ලෝක යුද්ධය අවසන් වී ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණයෙන් පසුව ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍ර රැසක් සොයා ගනු ලැබීය. ඒවා විශාල මිල ගණන් යටතේ අලෙවි කරන ලද අතර ඒවා වෙනුවෙන් විශාල ඉල්ලුමක්ද හිමි විය. යම් හෙයිකින් එදා වියානාවේ චිත්‍ර කලා ඇකඩමියට ඔහුට ඇතුලත් වීමට හැකියාවක් ලැබුනේනම් ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. කෙසේ හෝ අවසානයේ දෛවය ලෝක ඉතිහාසයට චිත්‍ර කලා මහාචාර්යවරයෙකු අහිමිකර ලක්ෂ ගණනකට මරණය කැඳවූ එකාදිපතියෙකු හිමි කරන ලදී.
                                                  හිට්ලර් ඇඳි සිතුවම් 


                                                      

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators