Monday, August 25, 2014

රෝන්දේ යෑම.....!

රෝන්දේ ගහනවා, රෝන්දේ යනවා කියන කියමන නිතරම අපේ ජන සමාජයේ ඇසෙන්නක්. දෙමවුපියන් බොහෝ විට තම දරුවන් නිකරුනේ ඇවිදිනවිට මේ වදන යොදනවා. නමුත් මෙම කියමන පැමිණියේ යටත් විජිත සමයේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් බව ඔබ දැන සිටියාද? එය මෙසේය
ලෝකයේ සිනමාව සහ චලන රූප සොයාගත් මුල් සමයේ ප්‍රංශ ජාතික කැමරා නිර්මාණශිල්පියෙකු වන "ලුවිස් ලේ ප්‍රින්ස්" නම් ශිල්පියා ඔහුගේ තනි කාචයේ කැමරාව(single Lens Camera) භාවිතා කරමින් 
අත්හදා බැලීමක් ලෙස තත්පර ගණනක කුඩා රූප රාමුවක් වීඩියෝගත කරගනු ලබනවා. එහි ඇත්තේ කිසියම් පිරිසක් නිවසක් ඉදිරිපිට උද්‍යානයක් වැනි ස්ථානයක නිකරුනේ එහා මෙහා ඇවිදිමින් සිටින චලන රූපයකි. මෙය ඔහු නම් කරනු ලබන්නේ " Roundhay Garden " (රවුන්දේ ගාර්ඩන් ) ලෙසයි. මෙම "රවුන්දේ ගාර්ඩන්" තත්පර කිහිපයේ චලන පටය යුරෝපයේ සහ ඇමරිකාවේ ඉතා ජනප්‍රිය විය. නිකරුනේ එහා මෙහා ඇවිදිමින් සිටින්නන් රවුන්දේ ගාර්ඩන් යන්නන් ලෙස මිනිසුන් හඳුන්වන්නට යෙදුනි. එවක බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබූ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන සමාජය තුළද මෙම " Roundhay Garden" ප්‍රචලිත විය. එය අපේ සිංහල බස් වහරේදී "රෝන්දේ ගැසීම" ලෙස ප්‍රචලිත විය.
ලුවිස් ලේ ප්‍රින්ස්

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators