"දෙවෙන්දොරා සං තම ප්‍රීතිය නිහඬව භුක්ති වින්දේ යැයි මට හැඟී ගියේ ය. ඔහු මුළු දවස තිස්සේ ම වචනයකට දෙකකට වඩා දෙඩුවේ නැත. මම වරක් ඔහුගේ මුහුණ දෙස හැරී බැළුවෙමි. ඔහු මා වෙතට හිස නැඹුරු කොට මුහුණ පුරා සිනාසුණි. එහෙත් යළිත් බොහෝ වේලාවක් ඔහු නිහඬ විය. ඔහු තුළ කිසියම් අමනාපයක් හෝ කාන්සියක් ඇද්දෝ යි මම බිය වීමි. මා ඔහු සමග ආවේ ඔහු පිනවීමට ය. ඔහු තුටු පහටු වනු දැකීමෙන් මගේ මන දොළ පිරේ.
“ ඇයි කතාවක් බහක් නැතිව ඉන්නේ? අද දවස අගෙයි නෙ?”
“ ඔව්, හොඳයි. ඒ වුණත් ඒ තරම්ම හොඳ නැති පැත්තකුත් තියෙනවා.”
“මොකක් ද ඒ? කියන්න. අද සන්තෝස නැද්ද?”
“සන්තෝසයි. ඒත් සන්තෝසෙ එක්ක ම කණගාටුවකුත් තියෙනව.”
“මොකක් ද කණගාටුව?”
“කොයි දේත් එහෙමනෙ. සැප කෙළවර වන්නේ දුකෙන්.”
“ඕකමයි නිතර ම කියන්නේ. මට නම් අද ලොකු ම සතුටක් දැනෙනව.”
“මං හිතන්නේ අපි මෙහෙම සන්තෝසෙන් කාලය ගත කරනව තමයි. දැන් අපේ සිත් සතුටින් පිරිලා තියෙනව. ඒ වුණත් වෙලාව ගත වෙන්න වෙන්න මේ සතුට අඩු වෙනව නේ ද? අන්තිමට, හිත සම්පූර්ණයෙන් හිස්වෙලා යනව නේ ද?”
“අන්තිමට වෙන දේ ගැන හිතන්නේ නැතිව මේ මොහොත ගැන හිතලා සතුට විඳින්න බැරි ද?”
“අන්තිමට වෙන දේ කොහොමද හිතින් අහක් කරන්නෙ? දැන් එක් එක්කෙනාගෙ සමාගමෙන් ආස්වාදයක් ලබනවා. තව මොහොතකින් අපට වෙන් වෙන්න සිද්ධවෙනවා. එතකොට කොයි තරම් දුකක් ද?”
“ඒකට කරන්න දෙයක් නෑ. ඒ ලෝකෙ හැටි. එක දිගටම අපි එකට හිටියොත් අපට එක එක්කෙනාගෙ සමාගම අප්‍රිය වෙන්නත් ඉඩ තියෙනව. ඒ නිසා අපි දෙන්න අන්‍යෙන්‍ය සමාගම ප්‍රිය කරන කාලය තුළ දී වෙන් වෙන එක වැඩිය හොඳ නැද්ද?”
තාම කියවන්න බැරි වුණා මේ පොත් දෙක.. :( මේ පාර බුක් ෆෙයාර් එකේදිවත් කොහොමහරි හොයාගන්න ඕනෙ..
ReplyDeleteමචං බ්ලොග් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ල Word Verification අයින් කරල දාන්න..
Deleteයෝජනාවට බොහෝම ස්තුතියි සහෝදරයා..........
Deleteමම මේ පොත පළමු වරට කියෙවුවේ 90 දශකයේ මැද එක්තරා පාසල් නිවාඩු කාලයක. ඒ කාලය ඉතාමත් වැසි සහිත එකක්. මේ ලිපිය දැක්කහම මට ඒ සුන්දර අතීත මතකය සිහි උනා. කාර්ය බහුලත්වය නිසා අමතකව ගිය ඒ මිහිරි අතීතය මතක් කර දුන්නාට ඔබට බොහෝම ස්තුතියි.
ReplyDelete- චතුරි -
ඉතාමත් සතුටුයි ඔබේ මතකාවර්ජනය ගැන.....
Delete