2014 වසරේ නිකුත් වූ වෙනස් ආරක හින්දි සිනමා පටයකි. 1948 වසරේ ඉන්දියාව සහ පකිස්ථානය අතර භුමියේ බෙදීමක් ඇති වීමත් සමගම දෙරට අතර වර්තමානය දක්වා දිවෙන බද්ද වෛරයක් නිර්මාණය විය. ඒ තුළ නිර්මාණය වූ දෙරට අතර යුද්ධය හේතුවෙන් දස දහස් ගණනක් ජීවිත දෙරටටම අහිමි විය. මෙම සිනමා පටය තුළ වන කතා සන්දර්භයේ දැක්වෙන්නේ 1948ට ආසන්න කාල වකවානුවකදී ඇති වන දේශ සීමා යුද්ධයේදී දේශ සීමාවේ දෙපස තනි වන දෙරටේ හමුදා සෙබළුන් දෙදෙනකුගේ ජීවිත පිළිබඳවයි. කතාව ආරම්භ වන්නේ දෙපසම යුද්ධයෙන් විනාශ වී බොහෝමයක් ජීවිත හානි වී ඇති අවස්ථාවකය. පකිස්ථාන සීමාවේ ඉහළ හමුදා නිලදාරියෙකු සහ සාමාන්‍ය හමුදා සෙබළෙකු ඉතිරි වී සිටි. ඉහළ හමුදා නිලදාරියා තම පහළ සෙබළාට අණ දෙන්නේ ඉන්දියන් දේශ සීමාවට ඇතුළු වී එහි ඇති රහස් ලියකියවිලි කිසිවක් රැගෙන එන ලෙසයි. අකමැත්තෙන් වුවත් ඔහු පිට වී යන්නේ කරන්නට කිසිවක්ද නොමැති බැවිනි. මේ අවස්ථාවේ ඉන්දියානු සීමාවේ ඇති බංකරය තුළ ඉතිරි වී සිටින්නේ එහි වූ "කෝකියා" පමණි. මෙම ස්ථානයට පැමිණෙන පකිස්ථානු භටයා සහ ඉන්දියානු කෝකියා අතර දෙපසක සිට ඇති වන සංවාදශීලි ගැටුම සමග සිනමා පටය ඉදිරියට ඇදේ. වෛරී සහගත ලෙස එකිනෙකා අමතා ගත්තද මොවුන් දෙදෙනා රට බෙදීමට පෙර දෙපසේ ජීවත් වුවන්ය. පකිස්ථානු සෙබළා "නවදිල්ලියේ" මුල් පදිංචිකරුවෙක් වන ස්ලාම් ජාතිකයෙක් වන අතර ඉන්දියානු කෝකියා යනු "ලාහෝරයේ" මුල් පදිංචිකරුවෙකු වන හින්දු ජාතිකයෙකි.මෙහි ආරම්භය හාස්‍ය මුසු වූ ස්වභාවයකින් යුතු වූවත් ජාතිවාදය විසින් දෙපසට කළ මිනිසුන් දෙදෙනෙකු අතර වන සංවාදය සිනමා පටය අවසානය වන විට ඉතා සංවේදීභාවයකට ප්‍රේක්ෂකයා රැගෙන යයි. මෙහි අවසානය සඳහන් නොකිරීම ඔබ මෙම සිනමා පටය බැලීමට පෙළඹවීමක් වන බැවින් මම අවසානය සඳහන් නොකරමි. නරඹන්න "Kya Dilli Kya Lahore"
Saturday, August 9, 2014
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment