.jpg)
මේ ජායාරුපය තුළ ඇති හැඟීම වචනයකට නැගීම වුව විටෙක අපහසුය. කාල පරාස තුනක කතාන්දරයක් මේ තුල කියැවීමට හැකිය. එකී කාල පරාස තුන ඇතුළත ජීවිත 3ක් පිළිබඳව වූ නමුත් පොදු ජීවන විග්‍රහයක් නිසඟවම ගැබ් වී ඇත. මේ සිටිනුයේ හමුදා සේවයෙන් විශ්‍රාම ගිය සහෝදරියන් තිදෙනෙකි. පළමු රූපය තුළ ඔවුන් තිදෙනා කෑම මේසයක් වැනි ස්ථානයක හිඳගෙන සිටියි. ඔවුන්ගේ පසුපසින් සිය තරුණ අවදියේදී හමුදා සේවයේ යෙදී සිටි සමයේ ගත් ජායාරුපයක් බිත්තිය මත එල්ලා ඇත. මහලු වියේ පසු වන ඔවුන් තිදෙනාගේ යෞවනය ඒ තුළින් පිළිබිඹු වෙයි. දෙවන ජායාරුපයට පැමිණි විට ඔවුන්ගෙන් එකෙකු එහි නැත. ඒ වෙනුවට ඇය සිටි ස්ථානයේ රෝස මලක් තබා ඇත. ඇය ඔවුන්ගෙන් වියෝ වූ බවක් ඉන් අඟවන අතර අනෙක් දෙදෙනාද පෙර සිටියාට වඩා වියපත් වූ බවක් පෙනෙන්නට ඇත. බිත්තියෙහි වූ "වෝල් ස්ටිකරය" වෙනස් වී ඇත..., කෑම මේසය මත වූ "ඇතිරිල්ලද" වෙනස් වී ඇත...,ඔවුන් පෙර භාවිතා කල "සුප් බඳුන්ද" වෙනස් වී ඇත. නමුත් පෙර තිදෙනාම හිඳ ගත් සේයාරුව බිත්තිය මත සවි කොට ඇත. ඒ තුළින් ඔවුන්ගේ තුරුණු වියේ ගත් පළමු සේයාරුව අනාගතය දෙස බලා සිටින්නාක් සේ ඔවුන් දෙස බලා සිටී.....
.jpg)
හරිම අපුරුයි
ReplyDeleteලස්සන ලිපියක්. ජීවිතය,එහි වෙනස්වන සුළු බව හා අනිත්‍ය බව මින් මනාව පැහැදිලි වෙනවා.
ReplyDelete- චතුරි -
ඔබ දෙපළටම බොහෝම ස්තුතියි.....
ReplyDelete